මෙරටින් මියන්මාරය වෙත ගිය සහන සේවා කණ්ඩායම මෙහෙයුම් අරඹයි (ඡායාරූප)

ගිණිකොනදිග ආසියාතික රටවලට පසුගියදා බලපෑ භූමිකම්පා තත්ත්වය හේතුවෙන් මියන්මාර රාජ්‍යයේ ආපදාවන්ට ලක් වූ ජනතාව වෙත ආපදා සහන සේවා සැලසීමේ හා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහාය වීමේ අරමුණින් ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගෙන් සමන්විත විශේෂ මානුෂීය ආධාර සහ සහන සේවා කණ්ඩායමක් මේ වනවිට (08) මියන්මාරයේ ස්ථානගත කොට තිබෙනවා.

ශ්‍රී ලංකා සහන සේවා කණ්ඩායම මියන්මාරයේ යැන්ගොන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා වීමෙන් අනතුරුව, එදිනම කිලෝමීටර් 450 ක් පමණ දුරින් පිහිටි ආපදා කලාපය වෙත යොමු කරනු ලැබූ අතර, ඔවුන් මේ වන විට නේ පි ටෝ (Nay Pyi Taw) පළාතේ ස්ථානගත කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ඊයේ (07) දින ඔවුන් එරට ප්‍රාදේශීය පරිපාලන ආයතනවල ද සහයෝගයෙන් ජංගම වෛද්‍ය සායන දෙකක් පැවැත්වීම සඳහා පොබ්බා තිරි (Pobba Thiri) නගරය වෙත ස්ථානගත කර සිටියා.

පොබ්බා තිරි (Pobba Thiri) නගරය වෙත ළඟා වීමෙන් පසු, හදිසි වෛද්‍ය අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා තත්ත්ව විශ්ලේෂණයක් හා ආපදා තක්සේරුවක් කඩිනමින් සිදු කිරීමට කණ්ඩායම කටයුතු කළ අතර, එතැන් පටන් ජනතාවට වෛද්‍ය සේවා සැපයීම ආරම්භ කර තිබෙනවා.

මෙහිදී ප්‍රධාන වශයෙන්; අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයීම, තුවාලවලට ප්‍රතිකාර කිරීම මෙන්ම ව්‍යසනයෙන් බලපෑමට ලක් වූ ජනතාවගේ ප්‍රජා සෞඛ්‍ය හා මානසික යහපැවැත්මට සහාය වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරුණු බව‍යි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් විසින් මෙහිදී දක්වනු ලැබූ කාර්යශුරත්වය, ඉක්මන් ප්‍රතිචාර, වෘත්තීයභාවය සහ මනුෂ්‍යත්වය සඳහා වූ නොසැලෙන කැපවීම මියන්මාර ජනතාවගේ ඉමහත් ප්‍රසාදයට හා ප්‍රශංසාවට ලක් වී තිබෙනවා.

අර්බුදකාරී තත්ත්වයන්හි දී කලාපීය සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දැඩි කැපවීම මෙම මානුෂීය මෙහෙයුම් ඔස්සේ මනාව පිළිබිඹු කරනවා.

මෙම ආපදා සහන මෙහෙයුම් ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශයේ පුර්ණ අධීක්‍ෂණය යටතේ සිදු කරන අතර, පවතින අවශ්‍යතාවන්ට අනුව කාලෝචිත හා වඩාත් ඵලදායී අයුරින් අවශ්‍ය ආධාර සැපයීමට ශ්‍රී ලාංකික කණ්ඩායමට ඇති හැකියාව පෙන්නුම් කරමින් ඔවුන්ගේ පූර්ණ සහයෝගය ඉදිරියට ද ලබා දෙනු ඇති.

WhatsApp Image 2025 04 08 at 13.46.01
WhatsApp Image 2025 04 08 at 13.46.01 1
WhatsApp Image 2025 04 08 at 13.46.00 2
WhatsApp Image 2025 04 08 at 13.46.02 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46