UPDATE :-10 වැනි පාර්ලිමේන්තු මංගල සභා වාරයට ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තිය සිදුවෙයි -රාජාසන කතාවත් ඇරඹෙයි (වීඩියෝ)

මෙරට 09 විධායක ජනාධිපතිවරයා ලෙස පත් වූ අනුර කුමාර දිසානායක මහතා රාජාසන කතාව ආරම්භ කර තිබෙනවා.

ඒ ජනාධිපතිවරයා මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් සභා ගර්භයට පැමිණීමෙන් පසුවයි.

ජනාධිපතිවරයා ව සභා ගර්භයට කැඳවාගෙන ඒම කතානායක අශෝක රංවල සහ පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් සිදු කරනු ලැබුවා.

———————————————————————————————–

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සම්ප්‍රාප්තිය මීට ටික වේලාවකට (21) සිදු කෙරුණා.

අද පෙරවරු 10ට පාර්ලිමේන්තුව මහජන නියෝජිතයින් 225 දෙනාගෙන් යුතුව රැස් වූයේ නව කතානායකවරයෙකුගේ තෝරා පත් කරගැනීම පළමු රාජකාරිය බවට පත් කරගනිමින්.

ඒ අනුව මෙරට 27 වැනි කතානායකවරයා ලෙස ආචාර්‍ය අශෝක සපුමල් රංවල මහතා තේරීපත් වූයේ අගමැතිනි ආචාර්‍ය හරිනි අමරසූරිය සහ අමාත්‍ය විජිත හේරත්ගේ යෝජනා හා ස්ථීර කිරීම් මධ්‍යයේයි.

මේ අතර අද පෙරවරු 11.10ට කතානායකවරයා වශයෙන් තේරී පත් වූ අශෝක රංවල මහතා පාර්ලිමේන්තුවට පැමිණි අතර ඔහුව පිළිගැනීම පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය විසින් සිදු කරනු ලැබුවා.

ඉන් අනතුරුව සම්ප්‍රදායනුකූලව අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරියගේ සම්ප්‍රාප්තිය සිදු වුණා.

අග්‍රාමාත්‍යවරිය ව පිළිගත්තේ කතානායක අශෝක රංවල සහ පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය විසින්.

ඉන් අනතුරුව මංගල සභා වාරයේ මුලසුන හෙබවීම (රාජාසන කතාව) සහ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා 09 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් පත් වූ අනුර කුමාර දිසානායක මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වුණා.

ජනාධිපතිවරයාව පිළිගත්තේ ද කතානායක සහ පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින්.

මෙහි විශේෂත්වය වන්නේ ජනාධිපතිවරයා ඉතිහාසයේ පළමු වරට විනයාරක්ෂක නිලධාරීන්ගේ හෝ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ කිසිදු සහායකින් තොරව තමන් තනිවම නිල රථයෙන් බැස පාර්ලිමේන්තුව වෙත පිවිසීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?