දික්වැල්ලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට – ඝාතකයින් සොයා විමර්ශන

අද (21) අලුයම සිදු වූ වෙඩි තැබීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම වෙඩි තැබීම අද අලුයම මාතර – දික්වැල්ල, වලස්ගල පොලිස් වසමේ දී සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුට මෙම වෙඩි පහර එල්ල වී තිබෙනවා.

වෙඩි තැබීමෙන් 43 හැවිරිදි අයෙක් එම ස්ථානයේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.

සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ නමින් ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් කප්පම් මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙන් මරණකරුට එරෙහිව අධිකරණයේ නඩුවක් විභාග වන බැවින්, මෙම වෙඩි තැබීම හා අදාළ කප්පම් ගැනීමේ සිද්ධිය අතර යම් සම්බන්ධතාවක් පවතී ද යන්න සොයා බැලීමට විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

වෙඩි තැබීම සඳහා යොදාගෙන ඇත්තේ T56 වර්ගයේ ගිනිඅවියක්.

ඝාතකයින් සොයා දික්වැල්ල පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23
Video thumbnail
ඉන්ධන මිල වැඩිවීමට හේතු කියන CPC එක - ලෝක වෙළෙඳපොලේ මිල වැඩිවීමට සාපේක්ෂව අපේ මිල වැඩිවෙලා නෑ
08:01
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ
01:04
Video thumbnail
හිනාවකුත් දාගෙන අධිකරණයට ඇවිත් ගිය යෝෂිත
01:02