ශ්‍රී ලංකා යූත් ක්‍රිකට් ලීගය එළඹෙන 21 වනදා සිට

වයස අවුරුදු 15න් පහළ පන්දු වාර 50 ශ්‍රී ලංකා යුත් ක්‍රිකට් 2024 තරඟාවලිය නොවැම්බර් මස 21 වෙනිදා ආරම්භ වීමට නියමිතය.

ප්‍රීමා අනුග්‍රහකත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම තරඟාවලිය වාර්ෂිකව සංවිධානය කරනු ලබනවා.

නොවැම්බර් 21 වනදා ආරම්භවන මෙම තරගාවලිය කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් සමාජය, කොළඹ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩාංගණය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය, රාජකීය විද්‍යාලය යන ක්‍රීඩාංගණවල දී පැවැත්වෙනවා.

තරගාවලිය සඳහා පළාත් කණ්ඩායම් පහක් තරග වදින අතර; කොළඹ උතුර, කොළඹ දකුණ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර යන කණ්ඩායම් තරඟ වදිනවා.

තරගාවලියේ අවසන් පූර්ව තරග 28 වනදා පැවැත්වෙන අතර, අවසන් මහා තරඟය නොවැම්බර් 03 වනදා පැවැත්වීමට නියමිතයි.

මේ අතර මෙම තරගාවලිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම වෙළඳසේවා ක්‍රිකට් සමාජයේ දී ඊයේ (18) පැවැත් වුණා.

ශ්‍රී ලංකා ප්‍රීමා සමූහය විසින් අනුග්‍රාහක චෙක්පත් පිරිනැමීම ද මෙහි දී සිදුකළ අතර, ප්‍රීමා කුසලාන හඳුන්වාදීම ද සිදුකළා..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈස්ලි ද සිල්වා ශ්‍රී ලංකා ප්‍රීමා සමූහයේ සිලෝන් agro industry හි සාමාන්‍ය අධිකාරී සජිත් ගුණරත්න ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවට එක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15
Video thumbnail
සජිත් මැතිතුමනි ඔබ පින මතුවේවා
01:23
Video thumbnail
ඔබතුමා එඩිතරව වැඩේ කරගෙන යන්න
00:54