දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – අද තරගයට වෙල්ලාලගේ එයි

කිවියන්ට එරෙහිව පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට (17) පෙර සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව කිවියන්ට ලබාදීමටයි.

අද තරගය පස්වරු 2.30ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනු ඇති.

අද තරගයට ඩිල්ෂාන් මධුශංක වෙනුවට දඟ පන්දු ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ කැඳවා ඇති අතර නවසීලන්ත කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු කර නැහැ.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ සංචාරක නවසීලන්තයට එරෙහිව පැවති පළමු තරගය ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ජය ගනිමින් ශ්‍රී ලංකාව මේ වනවිට තරගාවලියේ තරග 1-0ක් ලෙස ඉදිරියෙන් සිටිනවා.

දෙරට අතර පැවැත්වෙන මෙම තරගය දෙපිළටම තීරණාත්මක වනු ඇති.

ඒ අද තරගය ශ්‍රී ලංකාව ජයගතහොත් වේලාසනින් ම මව්බිමේ දී කිවියන්ට එරෙහිව ලබන 19 වැනි එක්දින තරගාවලි ජය මෙය වන නිසාවෙන්.

නැතහොත් තුන්වැනි එක්දින තරගය දැඩි උණුසුම්කාරී තත්ත්වයකට පත් කරගැනීමටත්, තරගාවලි ජයග්‍රහණය ගැන කිවියන්ටත් සිහින දැකීමට නම් අද තරගය නියත වශයෙන් ම නවසීලන්තය ජයග්‍රහණය කළ යුතු වනවා.

දෙරට අතර එක්දින තරග 103ක් මෙතෙක් පවත්වා ඇති අතර එහි වැඩිම වාසි ප්‍රමාණයක් තරග 52ක් ජයගනිමින් කිවියන්ට හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාව දිනා ඇත්තේ තරග 42ක් පමණයි.

තරග අත් හැර දැමීම් 08ක් ඇති අතර සමවීම් එකක් පවතිනවා.

ශ්‍රී ලංකාව මව්බිමෙන් පිටත නවසීලන්තයට එරෙහිව තරග 12ක් දිනා ඇති අතර නවසීලන්තය දිනා ඇත්තේ තරග 08ක් පමණයි.

අද තරගය සුපුරුදු පරිදි නායකත්වය චරිත් අසලංක සහ කිවි නායක සැන්ට්නර් විසින් මෙහෙයවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?