”ගරු සරු රටක් වෙනුවෙන් කැපවෙමු” තේමාව යටතේ සජිත්ගෙන් ජනපතිට සුබ පැතුම් (නිවේදනය)

ජාතික ජන බලවේගය දිනූ ඉතිහාසගත විජයග්‍රහණය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 10 වැනි පාර්ලිමේන්තුව සඳහා මහජන නියෝජිතයින් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවති මහ මැතිවරණයේ දී බහුතර ආසන දිනූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට සිය අවංක සුබ පැතුම් එක් කරන බවයි.

ශ්‍රී ලාංකීය ජනතාව බලාපොරොත්තු වන යහපත් රාජ්‍ය පාලනයක් සඳහාත් ජනතාවගේ සිතුම් පැතුම් ඉටුවන දේශයක් ගොඩනැගීම සඳහාත් අවශ්‍ය ශක්තිය වත්මන් පාලනය නොඅඩුව ලැබී ඇති බව ද විපක්ෂ නායකවරයාගේ නිවේදනයේ සඳහන්.

එතුළින් රටක් ලෙස අප මේ මොහොතේ මුහුණ දී සිටින දුෂ්කරතා ජය ගැනීමේ හැකියාව වත්මන් පාලනයට උදාවනු ඇති අතර ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ මෙරට ජනතාවට ලබාදුන් පොරොන්දු මත පිහිටා සිය ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ තම ධුර කාලය තුළ සාර්ථක ව ඉටු කිරීම තමන් සතු අභියෝගය ලෙස ඔවුන් වටහාගෙන ඇති බව සිය විශ්වාසය බව විපක්ෂ නායක ප්‍රමුඛ සමගි ජන බලවේගය නිවේදනය කර සිටිනවා.

එමෙන්ම තීරණාත්මක මැතිවරණයේ දී සමගි ජන බලවේගය වෙනුවෙන් ඡන්ද 1,968,716ක් දිනා දී ආසන 40කට අවස්ථාව දුන් රටේ ජනතාවටත් පක්ෂයේ දියුණුවට නන් අයුරින් උපකාර කළ සැමට සිය ගෞරවය ස්තුතිය හෘදයාංගම පුද කරන බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙතැනින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන යාපනය ජන රැලිය සජීවීව
00:00
Video thumbnail
දරුවන් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්
03:00
Video thumbnail
රනිල්ගේ ඇත්ත නැත්ත හෙළිකරන්න පිල්ලෙයාන් කටඅරී
26:36
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන මන්නාරම ජන රැලිය සජීවීව
01:54:56
Video thumbnail
ගාල්ල යක්කලමුල්ල අනතුරේ සජීවී දර්ශන
04:02
Video thumbnail
මරික්කාර් දුම්මල වරම අතට ගනියි - කරපු සැර කතාවට සභාවම නිහඬයි
15:29
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57

?