ඡන්ද රාජකාරියේ සිටි නිලධාරියෙක් යතුරුපැදි අනතුරකින් රෝහල්ගත කෙරේ

කැකිරාව මැතිවරණ කොට්ඨාසයේ පලාගල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක රාජකාරි සඳහා අනුයුක්ත කර සිටි නිලධාරියකු ඊයේ (13) රාත්‍රියේ යතුරුපැදි අනතුරකට ලක්ව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ තුවාලකරු මේ වනවිට කලාවැව රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවයි.

මෙලෙස අනතුරට ලක් ව ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇත්තේ පලාගල කළුආරච්චියාගම විද්‍යාලයේ පවත්වාගෙන යනු ලබන ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරි සඳහා අනුයුක්ත කර සිටි නිලධාරියකු බවටයි අනාවරණය වී ඇත්තේ.

අනුරාධපුර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි රංජිත් විමලසූරිය මහතාගෙන් මාධ්‍යවේදීන් සිදු කළ විමසීමක දී කියා සිටියේ අනතුරට පත්ව රෝහල්ගත කර ඇති එම නිලධාරියා වෙනුවට වෙනත් නිලධාරියෙකු ආදේශ කර අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39