ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද

හෙට (14) දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ ඡන්ද පෙට්ටි සහ ලිපිද්‍රව්‍ය නිකුත් කිරීම අද (13) දිනය තුළ දී සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ, අනුව එම කටයුතු අද (13) පෙරවරුවේ සිට පස්වරු 4.00 දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 ඇතුළු මධ්‍යස්ථාන 49ක් හරහා සිදුකිරීමට නියමිතයි.

10 වන පාර්ලිමේන්තුව වෙනුවෙන් සභිකයින් තෝරාපත්කර ගැනීම වෙනුවෙන් දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,314ක් සඳහා මෙලෙස ඡන්ද පෙට්ටි සහ ලිපිද්‍රව්‍ය නිකුත් කිරීමේ කටයුතු සිදුකරනවා.

මේ අතර ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළා.

එමෙන්ම සියලුම ඡන්ද මධ්‍යස්ථානවල රාජකාරී කරනු ලබන කාර්ය මණ්ඩල සඳහා මැතිවරණ පෙරහුරුවක් අද (13) දියේ දී සිදුකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම හෙට (14) පෙරවරු 7.00ට ආරම්භ වී පස්වරු 4.00ට අවසන් වනවා.

ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් ඡන්ද දායකයින් සංඛ්‍යාව 171,403,54ක් සුදුකම් ලබා ඇති අතර,තරග වදින අපේක්ෂකයින් සංඛ්‍යාව 8352ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අනේ වැදලා ඉල්ලන්නේ..මගේ බබාව සනීප කරගන්න උදව් කරන්න" "බබා හොඳටම දුර්වල වෙලා ඉන්නේ"
03:19
Video thumbnail
අද ජනපතිලා දෙන්නෙක් ඉන්නවා රටේ - හෑවගේ මොඩෙල් එක ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කිව්වනේ
04:06
Video thumbnail
අසාධාරණය වෙනුවෙන් ආ තරුණයාට සෙඩ් එකෙන් ගුටි පූජාවක්.."අතපය උස්සන්න එපා..වීඩියෝ කරනවා"
00:49
Video thumbnail
ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ..ඒක මතක තියාගන්න - රටේ ජනතාව ආණ්ඩුව රකිනවා
05:48
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:29