නිල ප්‍රතිඵලවලට කලින් අසත්‍ය තොරතුරු දෙන්න එපා – මැතිවරණ කොමිසම (වීඩියෝ)

10 වැනි පාර්ලිමේන්තුව තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමේ කටයුතු අනිද්දා (14) ආරම්භ වීමට නියමිත අතර එදින පස්වරු 4.15ට ඡන්ද ගණනය කිරීමේ කටයුතු සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා මේ බව පැවසුවේ; ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවති මහ මැතිවරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ඡන්ද ප්‍රදේශවල ප්‍රතිඵලය හා දිස්ත්‍රික් ප්‍රතිඵලය මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් නැවත පරීක්ෂා කර අනුමත කිරීමෙන් පසුව මාධ්‍ය වෙත නිකුත් කරන බවත් එම නිසා නිල නොවන ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වළකින ලෙසත් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටියා.

තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු 4.15ට ආරම්භ කිරීමට විධි විධාන යොදා ඇති හෙයින්; සාමාන්‍ය ඡන්ද ගණන් කිරීම 14 වැනි දින ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවලින් ඡන්ද පෙට්ටි ලැබුණු පසුව පස්වරු 7.15ට පමණ නිලධාරීන් සම්පූර්ණ වූ පසුව ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.

ගණන් කිරීමේ කටයුතු අවසන් වූ පසුව එම ප්‍රතිඵල මාධ්‍යයට ලබා දීමට අවශ්‍ය විධිවිධාන ද යොදා අවසන් බවත්; එතෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස සියලුදෙනාගෙන් තමන් නැවත නැවතත් ඉල්ලා සිටින බවයි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා වැඩිදුරටත් පැහැදිලි කරමින් කියා සිටියේ.

ඡන්ද ගණන් කිරීම අදියර 3ක් යටතේ සිදුවන බවත් ඒ අනුව එක් එක් පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් ලබාගෙන ඇති වැඩිම මනාප සංඛ්‍යාව අනුව මන්ත්‍රී ධුරය සඳහා තෝරා පත් කර ගැනීම සිදු කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?