ආරක්ෂක අමාත්‍යාංශයෙන් තැනැත්තන් වෙළෙඳාමට එරෙහිව විශේෂ නිවේදනයක්

මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳ ජාතික කාර්ය සාධක බළකාය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ; තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම් හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මිට පෙර අවස්ථා කිහිපයකදී මහජනතාව වෙත අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබූ බවයි.

ලැබී ඇති නවතම තොරතුරුවලට අනුව දැනට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් කණ්ඩායම් වශයෙන් මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත යැවීමට කටයුතු සිදු වෙමින් පවතින බවත්, සහ එම කඳවුරුවලට අලුතින් එක් වී ඇති ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ සංඛ්‍යාත්මක ඉහළ යාමක් නිරීක්ෂණය වන බවටත් තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය වෙත විශ්වාසදායක ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු ලැබී තිබෙනවා.

විදෙස් රටවල ආකර්ෂණීය වැටුප් ලැබෙන රැකියා අවස්ථා ලබාදෙන බව පවසා තොරතුරු තාක්‍ෂණ දැනුම ඇති වෘත්තිකයන් ඉලක්ක කර ගනිමින් තැනැත්තන් වෙළෙඳාම් සිදු කරන්නන් විසින් මෙය සිදු කරනු ලබන බවට කරුණු අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී ඔවුන් විසින් වෙනත් රටවල ඉහළ වැටුප් සහිතව තොරතුරු තාක්‍ෂණ අංශයේ රැකියා ලබා දෙන බවට පොරොන්දු වෙමින් ශ්‍රමිකයින් ආකර්ෂණය කරගනු ලබනවා.

පසුව ඔවුන් රැකියා සම්මුඛ පරීක්‍ෂණයන්ට සහභාගී කරවන මුවාවෙන් ඩුබායි වැනි රටවලට ගෙන ගොස් නීති විරෝධි අන්දමින් මියන්මාරයේ සයිබර් අපරාධ සිදු කරන කඳවුරුවල සේවය සඳහා බලහත්කාරයෙන් යොමු කොට ඇති අතර මෙම සයිබර් අපරාධ කඳවුරුවල දී ඔවුන්ව මානසික වධ හිංසනයන්ට මෙන්ම විදුලි සැර ඇල්ලීම් වැනි මිලේච්ඡ ශාරීරික වධහිංසාවන්ට ද පවා ලක්කර ඇති බව මෑතකාලීන විමර්ශන මගින් අනාවරණය වී තිබෙනවා.

“නීතිවිරෝධි සංක්‍රමණ මාර්ග භාවිතා කිරීම දැඩි ලෙස අවදානම් වන අතර, එමගින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත උල්ලංඝනය කරන බැවින්, රැකියා අපේක්‍ෂකයින් සංචාරක වීසා මත වෙනත් රටවලට ගමන් කිරීම නොකළ යුතුය.” යන්න තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය මෙහිදී තවදුරටත් අවධාරණය කර සිටිනවා.

ඒ අනුව තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය, මහජනතාවගෙන් පහත දැක්වෙන පරිදි සහයෝගය අපේක්‍ෂා කරන බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

  • රැකියා ඉලක්කගත සංක්‍රමණය සඳහා බලයලත් ආයතන හරහා ආරක්‍ෂිත, නීත්‍යානුකූල ක්‍රම අනුගමනය කිරීමට කටයුතු කිරීම, සුපරීක්‍ෂාකාරීව සිටීම සහ සැක කටයුතු තැනැත්තන් වෙළඳාම් පිළිබද වාර්තා කිරීම, එලෙස අවදානමට ලක් ව දැනට විදෙස්ගතව සිටින ශ්‍රී ලංකික ශ්‍රමිකයන් හා ඔවුන්ගේ මෙරට සිටින නෑදෑ හිතමිත්‍රාදීන් පිලිබඳව අදාළ අංශ වෙත දැනුම් දීම ඔස්සේ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් ආරක්‍ෂා කිරීම, එවැනි සැක කටයුතු ක්‍රියාකාරකම් පිලිබඳව පහත දක්වා ඇති දුරකථන අංක හෝ ඊමේල් ලිපිනයන් ඔස්සේ දැනුම්දීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතරම, තොරතුරු ලබාදෙනු ලබන පුද්ගලයන්ගේ රහස්‍යභාවය ආරක්‍ෂා කිරීමට තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය බැඳී සිටින බව ද මේ ඔස්සේ අවධාරණය කරනු ඇති.

ආරක්ෂක අමාත්‍යාංශය සිය නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ මේ ආකාරයේ යම් තොරතුරක් වෙතොත්; 0112102570 හෝ 076 844 7700 යන දූරකථන අංක වෙත හෝ [email protected] හෝ දැනුම්දෙන ලෙසයි.

අප සියලු දෙනාගේ සුපරීක්‍ෂාකාරීත්වය මෙම භයානක අපරාධකරුවන්ගේ ජාලයන් මර්දනයට සහ අපගේ සමීපතමයන්ගේ ජීවිත බේරා ගැනීමට උපකාරී වනු ඇති බවත් එහි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිව මිනිස්සු පොරකකා වැළඳගයි..හායි Baby කොහොමද? වැඩිය නැවෙන්න එපා
05:09
Video thumbnail
කොළඹ වරාය නගරයේ Duty Free එකේ System අවුල් වෙලා
02:08
Video thumbnail
සමන් ඒකනායකව බලන්න ප්‍රබලයෝ රැසක් උසාවියට එයි
01:13
Video thumbnail
දිය රකුසාගෙන් සිදුවන අනතුරු ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
05:14
Video thumbnail
මරණ දඬුවම් නියම වූ වරදකරුවන්ගේ ඥාතීන් උසාවියේ හඬා වැටෙයි
04:18
Video thumbnail
🔴Breaking News
01:55
Video thumbnail
විෂ මත් ව්‍යසනය පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුම | නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන
20:20
Video thumbnail
උසස්වීම් නොලැබීම නිසා සමෘද්ධි නිලධාරීන් කුපිතවෙයි..වසර 30 ක් අපි එකතැන පල්වෙනවා..
04:16
Video thumbnail
දයාසිරි හදිසියේම ජනාධිපති ලේකම් කාර්යාලයට එයි
07:11
Video thumbnail
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අධිකරණයට රැගෙන ආ හැටි..හිනාවකුත් දාගෙන යන හැටි
01:31


?