ශ්‍රී ලංකා පන්දු බලඇණිය හමුවේ නවසීලන්ත පිතිකරුවන් අසරණ වෙයි

සත්කාරක ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19 පන්දු 03ක් තුළ සියල්ලන් දැවී ලකුණු 108ක් රැස් කළා.

එහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් මෙම තරගයේ දීත් දැඩි පීඩනයක් නවසීලන්ත පිතිකරුවන්ට එල්ල කරන ආකාරය දැකගත හැකි වුණා.

ආරම්භක පිතිකරු විල් යන්ග් ලකුණු 30ක් රැස්කරමින් නවසීලන්ත ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත් වුණා.

ඊට අමතරව නායක මිචෙල් සැන්ට්නර් ලකුණු 19ක් රැස් කළා.

පන්දු යැවීමේ දී පාදයේ ආබාධයකට ලක්ව තිබිය දීත් පන්දුවාර 04 යවා අවසන් කළ වනිඳු හසරංග ලකුණු 17ක් ලබා දී නවසීලන්ත ඉනිමේ ප්‍රධාන කඩුලු 04ක් බිඳ දැමුවා.

ඊට අමතරව නවසීලන්ත ඉනිමේ පළමු පන්දුවේදීම කඩුල්ලක් දවාගෙන තරගයට ප්‍රබල ලෙස අවතීර්ණ වූ නුවන් තුෂාර ලකුණු 22කට කඩුලු දෙකක් බිඳ දැමුවා.

මතීෂ පතිරණ ද නවසීලන්ත පිතිකරුවන් තිදෙනෙක් ලකුණු 11ක් තුළ දවාගත්තා.

ඒ, අනුව ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන 200 වන ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය වන මෙම තරගය ජයගැනීමට පන්දු 120ක් තුළ ලකුණු 109ක ඉලක්කයක් හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08