ආරක්ෂක ලේකම්වරයා ආරුගම්බේ නිරීක්ෂන සංචාරයක (ඡායාරූප)

ආරුගම්බේ ප්‍රදේශයේ ඇතුළු නැගෙනහිර පළාතේ ආරක්ෂාව පිළිබඳ සොයා බැලීමට සඳහා ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්ත අද (10) සංචාරයක නිරත වුණා.

අද දින සිදුකළ මෙම සංචාරයේ දී ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය පිළිබඳ අවධානයට ලක් වූ අතර, ප්‍රාදේශීය ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස් නිලධාරීන් විසින් දැනට එහි ක්‍රියාත්මක ආරක්ෂක සැලැස්ම පිළිබඳ ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කරනු ලැබුවා.

ඒ, අනුව එළඹි නිගමනයන්ට අදාළව ප්‍රදේශයේ ආරක්‍ෂාව තවදුරටත් පවත්වා ගැනීමට මෙන්ම, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද සංචාරක ආකර්ෂණීය ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ලේකම්වරයා විසින් අදාළ නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දුන්නා.

ඊට අමතරව සංචාරකයන්ගේ නිදහසට බාධා නොවන පරිදි හා ශ්‍රී ලංකාවේ ආරක්ෂාව පිළිබඳ ඔවුන් තුළ විශ්වාසය ගොඩනැගෙන පරිදි කටයුතු කලයුතු බව ද අවධාරණය කළා.

මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදාවේ, විශේෂ කාර්ය බලකායේ හා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34