ලංවිම පෞද්ගලීකරණය වීම නවතියි (නිවේදනය)

ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම නැවතුණු බව ලංවිම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ලංවිම සඳහන් කරන්නේ; සේවාවේ ගුණාත්මකභාවය වැඩි කිරීමටත්, පාරිභෝගික තෘප්තිමත්භාවය ඉහළ අගයක පවත්වාගෙන යාමටත්, ආයතනයට සාධාරණ ලාභයන් ලැබීමටත්, ඉන් සමාජ ආර්ථිකයට ඉහළ ප්‍රතිලාභයක් ලැබීමටත්, සේවකයින්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීමටත් ඕනෑම ආයතනයක් විසින් කාලීන ඇගයීම් සිදු කරමින් නිසි ආයතනික ප්‍රතිසංස්කරණයන් සිදු කිරීම අනිවාර්‍යය බවයි.

නමුත් ලංවිම තුළ එසේ සිදුවිය යුතුව තිබූ වෙනස්කම් දශක ගණනක් පුරාවට ආයතනය තුළින් ම සිදු නොවීමේ ප්‍රතිඵලය වූයේ පසුගිය වසරේ දී බාහිර යාන්ත්‍රණයක් විසින් යෝජනා කරන ලද ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් තුළට අනුගත වීමට සිදු වීම බව ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

වත්මන් ජනාධිපතිවරයා යටතේ ලැබූ සමාජ පරිවර්තනීය ජන වරමට අනුව බලශක්ති ක්ෂේත්‍රයේ නිසි ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමට නැවතත් අනගි අවස්ථාවක් උදා වී ඇති බවයි එහි දැක්වෙන්නේ.

නව පුනරුද යුගයක අරුණලු සමගින් මහජන කේන්ද්‍රීය බලශක්ති ක්ෂේත්‍රයක් කරා පියනගන බලශක්ති අමාත්‍යාංශයේ මෙහෙය වීම යටතේ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලංවිම සමස්ත සේවක මණ්ඩලය ම ආවරණය වන පරිදි පසුගියදා (23) මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වීමේ දී සාකච්ඡා කර තිබෙනවා.

එබැවින් විදුලි බල පනත අනිවාර්‍යයයෙන් ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොවන බවත් සම්පූර්ණයෙන් ම රජයට අයත් ස්වාධීන පද්ධති ක්‍රියාකාරීත්වයක් සහිත ශක්තිමත් තනි ගැනුම්කරු මාදිලියක් තුළ ජනයා සම්ප්‍රේෂණ, බෙදාහැරීම් අංශ මූල්‍ය හා කාර්‍යය පරිපාලන වශයෙන් ස්වාධීන වන යාන්ත්‍රණයක් පුළුල් මහජන හා පාර්ශ්වකරුවන්ගේ උපදේශනයක් තුළ ස්ථාපිත කරමින් ඉදිරි වසර 05 තුළ මේ කලාපයේ අඩුම විදුලි පිරිවැය ඇති රට බවට ශ්‍රී ලංකාව පත් කරන බව ද නව අධ්‍යක්ෂ මණ්ඩලය ලංවිම සේවක මණ්ඩලයට සනාථ වී ඇති බවයි නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
3
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?