ලංවිම පෞද්ගලීකරණය වීම නවතියි (නිවේදනය)

ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම නැවතුණු බව ලංවිම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ලංවිම සඳහන් කරන්නේ; සේවාවේ ගුණාත්මකභාවය වැඩි කිරීමටත්, පාරිභෝගික තෘප්තිමත්භාවය ඉහළ අගයක පවත්වාගෙන යාමටත්, ආයතනයට සාධාරණ ලාභයන් ලැබීමටත්, ඉන් සමාජ ආර්ථිකයට ඉහළ ප්‍රතිලාභයක් ලැබීමටත්, සේවකයින්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීමටත් ඕනෑම ආයතනයක් විසින් කාලීන ඇගයීම් සිදු කරමින් නිසි ආයතනික ප්‍රතිසංස්කරණයන් සිදු කිරීම අනිවාර්‍යය බවයි.

නමුත් ලංවිම තුළ එසේ සිදුවිය යුතුව තිබූ වෙනස්කම් දශක ගණනක් පුරාවට ආයතනය තුළින් ම සිදු නොවීමේ ප්‍රතිඵලය වූයේ පසුගිය වසරේ දී බාහිර යාන්ත්‍රණයක් විසින් යෝජනා කරන ලද ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් තුළට අනුගත වීමට සිදු වීම බව ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

වත්මන් ජනාධිපතිවරයා යටතේ ලැබූ සමාජ පරිවර්තනීය ජන වරමට අනුව බලශක්ති ක්ෂේත්‍රයේ නිසි ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමට නැවතත් අනගි අවස්ථාවක් උදා වී ඇති බවයි එහි දැක්වෙන්නේ.

නව පුනරුද යුගයක අරුණලු සමගින් මහජන කේන්ද්‍රීය බලශක්ති ක්ෂේත්‍රයක් කරා පියනගන බලශක්ති අමාත්‍යාංශයේ මෙහෙය වීම යටතේ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලංවිම සමස්ත සේවක මණ්ඩලය ම ආවරණය වන පරිදි පසුගියදා (23) මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වීමේ දී සාකච්ඡා කර තිබෙනවා.

එබැවින් විදුලි බල පනත අනිවාර්‍යයයෙන් ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොවන බවත් සම්පූර්ණයෙන් ම රජයට අයත් ස්වාධීන පද්ධති ක්‍රියාකාරීත්වයක් සහිත ශක්තිමත් තනි ගැනුම්කරු මාදිලියක් තුළ ජනයා සම්ප්‍රේෂණ, බෙදාහැරීම් අංශ මූල්‍ය හා කාර්‍යය පරිපාලන වශයෙන් ස්වාධීන වන යාන්ත්‍රණයක් පුළුල් මහජන හා පාර්ශ්වකරුවන්ගේ උපදේශනයක් තුළ ස්ථාපිත කරමින් ඉදිරි වසර 05 තුළ මේ කලාපයේ අඩුම විදුලි පිරිවැය ඇති රට බවට ශ්‍රී ලංකාව පත් කරන බව ද නව අධ්‍යක්ෂ මණ්ඩලය ලංවිම සේවක මණ්ඩලයට සනාථ වී ඇති බවයි නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

  1. ඔබේ කතිරයේ බලයෙන් ලැබූ මේ ජයග්‍රහණය පමණක්ම වුනත් ඇති සැනසෙන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21