මධුර විතානගේට අයත් බස් රථයක හුටපටයක් ගැන නියෝගයක්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරි මැතිවරණයට තරග කරන නීතිඥ මධුර විතානගේ මහතාට අයත් කුඩා බස් රථයක් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගත්තේ යැයි චෝදනා කරමින් එල්ල වූ නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවට දන්වමින් එම බස් රථය සහ රියදුරුව වහාම මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (01) නියෝග කළා.

අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා දැනුම්දුන්නේ යම් කිසි අපේක්ෂකයෙකු සිය පෞද්ගලික වාහනයක් ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගැනීම මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ මැතිවරණ නීතිරීති, උපමාන හෝ පාර්ලිමේන්තු මැතිවරණ පනත උල්ලංඝණය කිරීමක් නොවන බවටයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් සිය සේවාදායකයා මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වන බවත් දෙවැනි වරටත් ඔහුගේ රියදුරු ලෙස කටයුතු කරන පුද්ගලයාට එරෙහිව මෙලෙස නඩු පවරා ඇත්තේ දේශපාලනික පළිගැනීමක් ලෙස බවත් මධුර විතානගේ මහතාගේ රියදුරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නීතිඥ ඇන්ටන් සේනානායක මහතා අධිකරණය හමුවේ දී පෙන්වා දුන්නේ.

ඒ අනුවයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56