AFC Banner
Empty Ad
Empty Ad

අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ විරෝධතා හේතුවෙන් බලුකිස්තාන් උණුසුම් වෙයි – සිය ආරක්ෂාව තහවුරු කරන ලෙසටත් ඉල්ලීම්

බලුකිස්තාන් හි ක්වෙටා නගරයේ දැවැන්ත විරෝධතා හටගෙන තිබෙනවා.

ඒ බලහත්කාර පෑම්, පැහැරගැනීම් සහ පුද්ගලයින් අතුරුදන් කිරීමට එරෙහිවයි.

මෙම විරෝධතා Baloch Yakjehti කමිටුව (BYC) විසින් සංවිධානය කරනු ලැබ ඇති අතර ඊට අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන්, හිතවතුන් සහ මිත්‍රාදීන් එක්ව අතුරුදන් වූවන්ගේ ඡායාරූප ඇලවූ පෝස්ටර්ස් ඔසවමින් විරෝධතා රැලිවලට එක්ව සිටින බව විදෙස් මාධ්‍ය උපුටුනයන් වාර්තා කරනවා.

Baloch Yakjehti කමිටුව යනු පාකිස්තානයේ එක් කලාපයක් වන බලුකිස්තානයේ ක්‍රියාත්මක සක්‍රීය මානව හිමිකම් උල්ලංඝනය වීම්, අතුරුදන් වීම් සම්බන්ධයෙන් පෙනී සිටින සංවිධානයක් වන අතර එහි ප්‍රධානී ආචාර්ය මහරන්ග් බලුච්ගේ මගපෙන්වීම යටතේයි මෙම විරෝධතා රැලි ක්වාටා නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වී ඇත්තේ.

අද (28) පෙරවරුවේ මෙම විරෝධතා පා ගමන ක්වාටා නගරයේ සරියාබ් වීදියෙන් ආරම්භ වී වීදි හරහා ගමන් කරමින් අබ්දුල් සත්තාර එඩි චෝක් නමැති ප්‍රදේශයෙන් අවසන් කෙරුණා.

විරෝධතාකරුවන් අතුරුදන් වූවන්ගේ ඡායාරූප ඇලවූ පුවරු රැගෙන සිය ඥාතීන්ගේ ආරක්ෂාව සහ ඔවුන් ජීවතුන් අතර සිටිනවා ද නැද්ද යන වග පිළිබඳව වහාම දැනුම්දෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටින්නේ.

යුක්තිය සහ වගවීම ඉල්ලා සිටිමින් අතුරුදන් වූවන්ගේ පවුලේ සාමාජිකයින් ඇතුළු සමාජ ක්‍රියාකාරීන් රැසක් මෙම පෙළපාලි සඳහා එක් ව සිටියා.

මෙවන් විරෝධතා පැන නැගෙද්දී පවා මෑතකදී ද නසිරාබාද්හි පුද්ගලයන් දෙදෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීම් ද එරටින් වාර්තා වී තිබෙනවා.

එබැවින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ; මෙවැනි නවතම සිදුවීම් පවා බලුච් හි අරගල තීව්‍ර කිරීමට හේතු වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්තටු තමන්ගේ නම් කොහෙටද පුතා පියාඹන්න බැරි???
04:41
Video thumbnail
පෙට්‍රල් නැතුව වාහනේ නතර වුණොත් දඩ - කොහොමද පොලිසියේ වැඩ
01:33
Video thumbnail
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය මාලිමාවෙන් ගිලිහෙයි ?
07:34
Video thumbnail
ජය පරාජය විඳගන්න බැරි පාතාලය වගේ හැසිරෙන ක්‍රීඩකයෝ
02:14
Video thumbnail
මහ ඇමති පුටුවට එන තලපති විජේගේ මංගල රැළියේ ඔබ නොදත් කතාව මෙන්න
06:30
Video thumbnail
තුන් දෙනාට මේක කරගෙන යන්න අමාරුයි - මාලිමා ප්‍රබලයා විශේෂ හෙළිදරව්වක් කරයි
29:59
Video thumbnail
රංජන් රැස්වීමේ වුණු දේ හෙළි කරයි - අරක්කු ගන්න සල්ලි දුන්නා මල්ලි
02:26
Video thumbnail
අනුරගේ නිවස විකුණලා කඩපු දේවල් ටික හදන්න
03:36
Video thumbnail
JVP ඇතිකළ විකෘතියේ ප්‍රතිඵල අද විඳින්න වෙලා
08:09
Video thumbnail
කොල්ලොන්ට සල්ලි දෙන්නම් කියලා සල්ලි දුන්නේ නැති නිසා ලක් අම්මාට තදවෙයි
06:19

?