අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ විරෝධතා හේතුවෙන් බලුකිස්තාන් උණුසුම් වෙයි – සිය ආරක්ෂාව තහවුරු කරන ලෙසටත් ඉල්ලීම්

බලුකිස්තාන් හි ක්වෙටා නගරයේ දැවැන්ත විරෝධතා හටගෙන තිබෙනවා.

ඒ බලහත්කාර පෑම්, පැහැරගැනීම් සහ පුද්ගලයින් අතුරුදන් කිරීමට එරෙහිවයි.

මෙම විරෝධතා Baloch Yakjehti කමිටුව (BYC) විසින් සංවිධානය කරනු ලැබ ඇති අතර ඊට අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන්, හිතවතුන් සහ මිත්‍රාදීන් එක්ව අතුරුදන් වූවන්ගේ ඡායාරූප ඇලවූ පෝස්ටර්ස් ඔසවමින් විරෝධතා රැලිවලට එක්ව සිටින බව විදෙස් මාධ්‍ය උපුටුනයන් වාර්තා කරනවා.

Baloch Yakjehti කමිටුව යනු පාකිස්තානයේ එක් කලාපයක් වන බලුකිස්තානයේ ක්‍රියාත්මක සක්‍රීය මානව හිමිකම් උල්ලංඝනය වීම්, අතුරුදන් වීම් සම්බන්ධයෙන් පෙනී සිටින සංවිධානයක් වන අතර එහි ප්‍රධානී ආචාර්ය මහරන්ග් බලුච්ගේ මගපෙන්වීම යටතේයි මෙම විරෝධතා රැලි ක්වාටා නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වී ඇත්තේ.

අද (28) පෙරවරුවේ මෙම විරෝධතා පා ගමන ක්වාටා නගරයේ සරියාබ් වීදියෙන් ආරම්භ වී වීදි හරහා ගමන් කරමින් අබ්දුල් සත්තාර එඩි චෝක් නමැති ප්‍රදේශයෙන් අවසන් කෙරුණා.

විරෝධතාකරුවන් අතුරුදන් වූවන්ගේ ඡායාරූප ඇලවූ පුවරු රැගෙන සිය ඥාතීන්ගේ ආරක්ෂාව සහ ඔවුන් ජීවතුන් අතර සිටිනවා ද නැද්ද යන වග පිළිබඳව වහාම දැනුම්දෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටින්නේ.

යුක්තිය සහ වගවීම ඉල්ලා සිටිමින් අතුරුදන් වූවන්ගේ පවුලේ සාමාජිකයින් ඇතුළු සමාජ ක්‍රියාකාරීන් රැසක් මෙම පෙළපාලි සඳහා එක් ව සිටියා.

මෙවන් විරෝධතා පැන නැගෙද්දී පවා මෑතකදී ද නසිරාබාද්හි පුද්ගලයන් දෙදෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීම් ද එරටින් වාර්තා වී තිබෙනවා.

එබැවින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ; මෙවැනි නවතම සිදුවීම් පවා බලුච් හි අරගල තීව්‍ර කිරීමට හේතු වී ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54