AFC Banner
Empty Ad
Empty Ad

මුජිබර්ගේ වට්සැප් ගිණුම හැක් වෙයි – සල්ලි ඉල්ලා කෙටි පණිවිඩත් (වීඩියෝ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතාගේ ‘වට්සැප්’ ගිණුම වෙනත් පාර්ශ්වයකගේ ග්‍රහණයට (Hack) නතු වී තිබෙනවා.

හිටපු මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ; අද (28) පෙරවරුවේ සිට සිය දූරකථනයේ ඇති වට්සැප් ගිණුම මෙලෙස වෙනත් පාර්ශ්වයක් යටතට ගොස් ඇති බවයි.

තමන්ගේ දූරකථන අංකය භාවිත කරමින් සිය හිතවතුන්ගෙන් විවිධ ප්‍රමාණය මුදල් ඉල්ලා කෙටි පණිවිඩ යවා ඇති බව ද හිටපු මන්ත්‍රීවරයා පවසනවා.

එලෙස ඉල්ලන ලද මුදල් බැර කිරීමට ගිණුම් අංකයක් ද යවා ඇති බවත් ඒ තමන් නොවන බවටයි හිටපු මන්ත්‍රීවරයා පවසන්නේ.

එබැවින් කිසිදු ලෙසකින් එම ව්‍යාජ පණිවිඩවලට නො රැවටෙන ලෙස මුජිබර් මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට මේ වනවිට තමන් සයිබර් අපරාධ අංශය වෙත පැමිණ සිටින බවට ද හෙතෙම සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?