මුජිබර්ගේ වට්සැප් ගිණුම හැක් වෙයි – සල්ලි ඉල්ලා කෙටි පණිවිඩත් (වීඩියෝ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතාගේ ‘වට්සැප්’ ගිණුම වෙනත් පාර්ශ්වයකගේ ග්‍රහණයට (Hack) නතු වී තිබෙනවා.

හිටපු මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ; අද (28) පෙරවරුවේ සිට සිය දූරකථනයේ ඇති වට්සැප් ගිණුම මෙලෙස වෙනත් පාර්ශ්වයක් යටතට ගොස් ඇති බවයි.

තමන්ගේ දූරකථන අංකය භාවිත කරමින් සිය හිතවතුන්ගෙන් විවිධ ප්‍රමාණය මුදල් ඉල්ලා කෙටි පණිවිඩ යවා ඇති බව ද හිටපු මන්ත්‍රීවරයා පවසනවා.

එලෙස ඉල්ලන ලද මුදල් බැර කිරීමට ගිණුම් අංකයක් ද යවා ඇති බවත් ඒ තමන් නොවන බවටයි හිටපු මන්ත්‍රීවරයා පවසන්නේ.

එබැවින් කිසිදු ලෙසකින් එම ව්‍යාජ පණිවිඩවලට නො රැවටෙන ලෙස මුජිබර් මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට මේ වනවිට තමන් සයිබර් අපරාධ අංශය වෙත පැමිණ සිටින බවට ද හෙතෙම සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58