AFC Banner
Empty Ad
Empty Ad

ආරුගම්බේ සංචාරක කලාපයෙන් ඉවත් වන්න – ඊශ්‍රායල පුරවැසියන්ට දැනුම්දීමක් (වීඩියෝ)

ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් පවතින බවට ලද තොරතුරු මත ශ්‍රී ලංකාවේ ආරුගම්බේ ප්‍රදේශයෙන් මෙන්ම දකුණු හා බටහිර වෙරළ තීර ප්‍රදේශවලින් වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායල ආරක්ෂක කවුන්සිලය ඊශ්‍රායල ජාතිකයින්ගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව රටින් පිටව යාම හෝ කොළඹ නගරයට පැමිණීම සිදු කරන මෙන් ඊශ්‍රායල ආරක්ෂක කවුන්සිලය එම ජාතිකයින්ට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

අද පෙරවරුවේ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්‍යාලය විසින් ආරුගම්බේ සංචාරක කලාපයට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බැවින් සිය පුරවැසියන්ට නැවත දැනුම්දෙන තුරු එම කලාපයට නොයන ලෙසටයි දැනුම්දුන්නේ.

මෙම දැනුම්දීමෙන් පසු ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ කිසිදු අයුරකින් අනීතික බියක් ඇති කරගැනීම අනවශ්‍ය බවත්; දැඩි ආරක්ෂාවක් ආරුගම්බේ සංචාරක කලාපයේ පනවා ඇති බවයි.

මෙවන් තත්ත්වයක් තුළදියි අමෙරිකානු තානාපති කාර්‍යාලය අනුගමනය කරමින් මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්‍යාලය, රුසියානු තානාපති කාර්‍යාලය ඇතුළු විදෙස් රාජ්‍ය තාන්ත්‍රික අංශ සිය පුරවැසියන්ට නැවත දැනුම්දෙන තුරු ආරුගම්බේ කලාපයේ සංචාරය කිරීම නවත්වන ලෙසට දැනුම්දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?