ආරුගම්බේ සංචාරක කලාපයෙන් ඉවත් වන්න – ඊශ්‍රායල පුරවැසියන්ට දැනුම්දීමක් (වීඩියෝ)

ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් පවතින බවට ලද තොරතුරු මත ශ්‍රී ලංකාවේ ආරුගම්බේ ප්‍රදේශයෙන් මෙන්ම දකුණු හා බටහිර වෙරළ තීර ප්‍රදේශවලින් වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායල ආරක්ෂක කවුන්සිලය ඊශ්‍රායල ජාතිකයින්ගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව රටින් පිටව යාම හෝ කොළඹ නගරයට පැමිණීම සිදු කරන මෙන් ඊශ්‍රායල ආරක්ෂක කවුන්සිලය එම ජාතිකයින්ට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

අද පෙරවරුවේ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්‍යාලය විසින් ආරුගම්බේ සංචාරක කලාපයට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බැවින් සිය පුරවැසියන්ට නැවත දැනුම්දෙන තුරු එම කලාපයට නොයන ලෙසටයි දැනුම්දුන්නේ.

මෙම දැනුම්දීමෙන් පසු ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ කිසිදු අයුරකින් අනීතික බියක් ඇති කරගැනීම අනවශ්‍ය බවත්; දැඩි ආරක්ෂාවක් ආරුගම්බේ සංචාරක කලාපයේ පනවා ඇති බවයි.

මෙවන් තත්ත්වයක් තුළදියි අමෙරිකානු තානාපති කාර්‍යාලය අනුගමනය කරමින් මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්‍යාලය, රුසියානු තානාපති කාර්‍යාලය ඇතුළු විදෙස් රාජ්‍ය තාන්ත්‍රික අංශ සිය පුරවැසියන්ට නැවත දැනුම්දෙන තුරු ආරුගම්බේ කලාපයේ සංචාරය කිරීම නවත්වන ලෙසට දැනුම්දුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39