බ්‍රිතාන්‍යය හා රුසියාවත් ආරුගම්බේ ගැන අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරයි(නිවේදනය)

මෙරට සංචාරක කලාපයක් වන ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය නොකරන ලෙසට ද බ්‍රිතාන්‍යය ද සිය පුරවැසියන්ට දැනුම්දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පිහිටි බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් කාර්‍යාලය විසින් මෙම නිවේදනය අද (23) පෙරවරුවේ නිකුත් කරනු ලැබුවා.

මීට පැය කිහිපයකට පෙර අමෙරිකානු තානාපති කාර්‍යාලය ඔවුන්ගේ අමෙරිකානු පුරවැසියන්ට නිකුත් කරන ලද අනතුරු ඇඟවීමේ නිවේදනයට සමගාමීවයි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්‍යාලය ද අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ.

මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; ආරුගම්බේ සංචාරක කලාපය ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ල වීමේ තර්ජනයක් සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබී ඇති බවත් එබැවින් නැවත දැනුම්දෙන තුරු කිසිවෙකු එහි සංචාරය කිරීමෙන් වළකින ලෙසටයි.

කෙසේවෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයෙන් ද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළේ; එවන් තොරතුරක් බුද්ධි අංශ වෙතින් ලැබී තිබුණු බවත් ඊට අවශ්‍ය සියලුම ආරක්ෂාවන් ආරුගම්බේ කලාපය තුළ ස්ථාපිත කර අවසන් බවයි.

ඊශ්‍රායල සංචාරකයින් ආරුගම්බේ ප්‍රදේශයට වැඩි වශයෙන් සර්ෆින්ග් ක්‍රීඩාව සඳහා පැමිණෙන බවත්; ඔවුන්ට අයත් ගොඩනැගිල්ල එම ප්‍රදේශයේ ඇති බවත් ඒ සම්බන්ධයෙන් මෙම අනතුරු ඇඟවීම නිකුත් වී ඇති බව ද පොලිස් මූලස්ථානය නිවේදනය කළා.

මේ අතර අමෙරිකානු තානාපති කාර්‍යාලය නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනයට සමගාමීව මෙරට පිහිටි රුසියානු තානාපති කාර්‍යාලය ද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ; ආරුගම්බේ නගරයේ දී එල්ල විය හැකි ප්‍රහාරයෙන් ආරක්ෂා වීමට සිය රුසියානු පුරවැසියන්ට එහි සංචාරය කිරීමෙන් වළකින ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?