බ්‍රිතාන්‍යය හා රුසියාවත් ආරුගම්බේ ගැන අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරයි(නිවේදනය)

මෙරට සංචාරක කලාපයක් වන ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය නොකරන ලෙසට ද බ්‍රිතාන්‍යය ද සිය පුරවැසියන්ට දැනුම්දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පිහිටි බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් කාර්‍යාලය විසින් මෙම නිවේදනය අද (23) පෙරවරුවේ නිකුත් කරනු ලැබුවා.

මීට පැය කිහිපයකට පෙර අමෙරිකානු තානාපති කාර්‍යාලය ඔවුන්ගේ අමෙරිකානු පුරවැසියන්ට නිකුත් කරන ලද අනතුරු ඇඟවීමේ නිවේදනයට සමගාමීවයි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්‍යාලය ද අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ.

මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; ආරුගම්බේ සංචාරක කලාපය ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ල වීමේ තර්ජනයක් සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබී ඇති බවත් එබැවින් නැවත දැනුම්දෙන තුරු කිසිවෙකු එහි සංචාරය කිරීමෙන් වළකින ලෙසටයි.

කෙසේවෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයෙන් ද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළේ; එවන් තොරතුරක් බුද්ධි අංශ වෙතින් ලැබී තිබුණු බවත් ඊට අවශ්‍ය සියලුම ආරක්ෂාවන් ආරුගම්බේ කලාපය තුළ ස්ථාපිත කර අවසන් බවයි.

ඊශ්‍රායල සංචාරකයින් ආරුගම්බේ ප්‍රදේශයට වැඩි වශයෙන් සර්ෆින්ග් ක්‍රීඩාව සඳහා පැමිණෙන බවත්; ඔවුන්ට අයත් ගොඩනැගිල්ල එම ප්‍රදේශයේ ඇති බවත් ඒ සම්බන්ධයෙන් මෙම අනතුරු ඇඟවීම නිකුත් වී ඇති බව ද පොලිස් මූලස්ථානය නිවේදනය කළා.

මේ අතර අමෙරිකානු තානාපති කාර්‍යාලය නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනයට සමගාමීව මෙරට පිහිටි රුසියානු තානාපති කාර්‍යාලය ද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ; ආරුගම්බේ නගරයේ දී එල්ල විය හැකි ප්‍රහාරයෙන් ආරක්ෂා වීමට සිය රුසියානු පුරවැසියන්ට එහි සංචාරය කිරීමෙන් වළකින ලෙසටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39