AFC Banner
Empty Ad
Empty Ad

මෙරටට එන විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව ගැන පොලිස් මූලස්ථානයෙන් විශේෂ නිවේදනයක් (නිවේදනය)

විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඉදිරි සංචාරක වාරය තුළ විදේශීය සංචාරකයින් විශාල ප්‍රමාණයක් මෙරට සංචාරය කිරීමට නියමිත බවට මේ වනවිට ලැබී තිබෙන තොරතුරු මගින් නිරීක්ෂණය වන බවයි එහි දැක්වෙන්නේ.

මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන් ම ගෞරවයට ද මහඟු අවස්ථාවක් වන බවත්; විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා.

ඒ හේතුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් හා සම්බන්ධීකරණය මත ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ ඊට සහාය පළ කරන බවත් නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙතැනින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?