AFC Banner
Empty Ad
Empty Ad

ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල වීමේ තර්ජනයක් ගැන අමෙරිකානු තානාපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක් (නිවේදනය හා වීඩියෝ)

මෙරට පිහිටි ආරුගම්බේ සංචාරක කලාපයට ප්‍රහාරයක් එල්ල වීමේ තර්ජනයක් පවතින බවට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්‍යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

තානාපති කාර්‍යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ; මෙම ප්‍රහාරය පිළිබඳව විශ්වසනීය බුද්ධි තොරතුරු මේ වනවිට ලැබී ඇති බවයි.

මෙම ප්‍රහාරය ආරුගම්බේ සංචාරක ස්ථාන ඉලක්ක කරගනිමින් සිදුවිය හැකි බවටත් වාර්තා වනවා.

මෙම තර්ජන හේතුවෙන් සිය නිලධාරින්ට සහ සංචාරකයින්ට නැවත දැනුම්දෙන තුරු ආරුගම්බේ බොක්ක වෙත සංචාරය කිරීම තහනම් කිරීමටයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්‍යාලය තීරණය කර ඇත්තේ.

එක්සත් ජනපදය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා ඇත්තේ; මේ සම්බන්ධයෙන් යම් කිසි
සැක සහිත තොරතුරක් වේ නම්; හදිසි අවස්ථා සඳහා ඇති ක්ෂණික ඇමතුම් අංක 119 ට අමතන ලෙසටයි.

සෑම විටම සුපරීක්ෂාකාරීව සිටින ලෙසත් තම වටපිටාව ගැන දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසට ද දැනුම්දී තිබෙනවා.

සම්පූර්ණ නිවේදනය මෙතැනින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
2
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?