AFC Banner
Empty Ad
Empty Ad

වන්නි දිස්ත්‍රික්කයේ මහමැතිවරණයට අතුරු තහනම් නියෝගයක් පැනවෙයි? – තීරණය හෙට

ඉදිරි මහ මැතිවරණයේ දී වන්නි දිස්ත්‍රික්කය සඳහා ඡන්ද විමසීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධ නියෝගය හේතු සහිතව හෙට (23) ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) දැනුම්දුන්නා.

නීතියට අනුව ප්‍රතික්ෂේප කරන ලද නාම යෝජනා තේරීම් බාර නිලධාරීයා භාර ගැනීම කළ යුතු බව ද පෙත්සමේ නියෝගය අද ප්‍රකාශයට පත්කරන බව දැනුම්දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීතී පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලුණා.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය පක්ෂයේ බලය ලත් නිලධාරී පරරාජසිංගම් උදයරාසා සහ තවත් අපේක්ෂකයින් දෙදෙනෙකු වන ජී. විජේන්ද්‍රන්රත්නම්, ඒ.කේ.ජී.සුබීහන් යන මහත්තුරු ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු එහි සාමාජිකයින්, වන්නි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

ඉදිරි මහ මැතිවරණයේ දී වන්නි දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහා තමන් වන්නි දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරියාට සිය නාමයෝජනා පත්‍රය ඉදිරිපත් කළ බව පවසන පෙත්සම්කරුවෝ අදාළ නාමයෝජනා පත්‍රය විධිමත් ලෙස ඉදිරිපත් කර නොමැති බව සඳහන් කරමින් ඒ අවස්ථාවේදී අදාළ නාමයෝජනා පත්‍රය භාර ගැනීම තේරීම් භාර නිලධාරියා ප්‍රතික්ෂේප කළ බවත් සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

විධිමත් ආකාරයෙන් සියලු ලේඛන ඉදිරිපත් කර තිබිය දී තම නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ මේ තත්ත්වය යටතේ තේරීම් භාර නිලධාරියාගේ තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන විශේෂ හෙළිදරව්වක් මාධ්‍යට - ගෝඨාභයගේ හිටපු ලේඛම් සියල්ල වමාරයි
12:56
Video thumbnail
i Phone 16 ඔයාටත් ගන්න ඕනිද ? මෙන්න මිළදී ගන්න ඔබටත් අවස්ථාවක්
01:20
Video thumbnail
තමන්ගේ වේදිකාවේ ඉන්න අය ආරක්ෂා කරගන්න සමස්ථ වාර්ථාවක් විසිකරන්න ලෑස්ති වෙන්න එපා
06:49
Video thumbnail
ගම්මන්පිලට වැඩ වරදී - ටිල්වින් සැර ප්‍රකාශයක් කරයි
07:29
Video thumbnail
ගම්මන්පිලගෙ වාර්ථාව බොරුනම් - හදපු අයට නීතිය ක්‍රියාත්මක කරන්න #pasku
04:33
Video thumbnail
Breaking News🛑හර්ෂ ජනපති අනුර සමග එකතුවෙයි - හර්ෂ කළ විශේෂ ප්‍රකාශය මෙන්න
06:55
Video thumbnail
බස් රථ දෙකක් එකිනෙකට ගැටී සිදුවූ බිහිසුණු අනතුර - 27කට තුවාල...03දෙනෙකුට බරපතලයි...
01:03
Video thumbnail
ඩඩ්ලි ජනාධිපතිව අන්දන්න හදනවා
02:42
Video thumbnail
අපේ යුතුකම අපි අවංකව ඉෂ්ඨ කළා
06:57
Video thumbnail
අලුත් පාස්පෝර්ට් එකේ අමුතු අමුතු සෙල්ලම් එළියට - ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්න රිදෙන්නම කියයි
03:33

?