AFC Banner
Empty Ad
Empty Ad

මවගේ මළ සිරුර නිවසේ තියාගෙන පුතා මාස තුනක් ජීවත් වෙලා

මිය ගිය මවගේ මළ සිරුරත් සමඟ මාස තුනක පමණ කාලයක් ජීවත් වූ පුද්ගයෙක් පිළිබඳව අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඇසෑම් ප්‍රාන්තයේ ගුවාහාටි ප්‍රදේශයේ නිවසක් තුළ තිබී දිරාපත් වූ වයෝවෘද්ධ කාන්තාවකගේ මළ සිරුරක් පසුගිය ඉරිදා සොයා ගැනීමත් සමඟ මේ පිළිබඳව අනාවරණය වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 75ක කාන්තාවක් වන අතර, ඇයගේ පුත්‍රයා විසින් සිය මවගේ මෘත ශරීරය මාස තුනක පමණ කාලයක් නිවස තුළ තබාගෙන ජීවත්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මියගිය කාන්තාවගේ පුත්‍රයා මානසික රෝගයකින් පෙළෙන බවයි අසල්වාසීන් පොලිසියට පවසා ඇත්තේ.

මළ සිරුර සොයාගැනීමත් සමඟ අදාළ පුත්‍රයා ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය විසින් රඳවාගෙන ඇති අතර, අධිකරණ වෛද්‍ය විශේෂඥයන් සහ පොලිස් කණ්ඩායමක් නිවස පරීක්ෂා කර තිබෙනවා.

සොයාගත් මළ සිරුරේ අස්ථි කොටස් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?