ආනයනික භාණ්ඩ වර්ග 05 සඳහා අලුතින් බදු පැනවීමක් සිදු නොකළ බවට රජයෙන් නිවේදනයක්

ආනයනික භාණ්ඩ වර්ග 05ක් සඳහා විශේෂිත වෙළඳ භාණ්ඩ බද්දක් ක්‍රියාත්මක කිරීමට රජය පසුගිය දා (14) රජය කටයුතු කළා.

එම බදු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යංශය මගින් මේ වනවිට විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එම නිවේදනය මඟින් දන්වා ඇත්තේ අදාළ ආනයනික භාණ්ඩ වර්ග 05 සඳහා අලුතින් බදු පැනවීමක් සිදුනොකළ බවත්, සිදුකර ඇත්තේ මීට පෙර පනවා තිබූ බද්ද දීර්ඝ කිරීමක් පමණක් බවයි.

අදාළ විශේෂිත වෙළඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක කර තිබූ 2023 ඔක්තෝම්බර් මස 14 දිනැති අංක 2353/77 දරන ගැසට් නිවේදනයේ වලංගු කාලය 2024 ඔක්තෝම්බර් මස 13 වනදා අවසන් වුණා.

කෙසේ වෙතත් එය යළිත් 2024 ඔක්තෝම්බර් මස 14 වනදා සිට දෙසැම්බර් මස 31 වනදා දක්වා දීර්ඝ කළ බවයි එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ඒ අනුව පියලි කළ මයිසූර් පරිප්පු කිලෝග්‍රෑමයක් සඳහා පැවති ශත 25ක බද්ද ද, සම්පූර්ණ සහ පියලි කළ කහ පරිප්පු කිලෝග්‍රෑමයට පැවති සත 25ක බද්දක්ද, උම්බලකඩ සහ ඊට ආදේශක භාණ්ඩ සඳහා කිලෝග්‍රෑමයට පැවති රුපියල් 302ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ද, කටු ගැලවූ මසුන් සහ අනෙකුත් මසුන්ගේ මස් හැර, අලුත් හෝ ශීතකළ මසුන් සඳහා පැවති 10%ක් හෝ කිලෝග්‍රෑමයට රුපියල් 400 යන දෙකෙන් ඉහළ අගයක් වන බදු ප්‍රමාණයක් මෙලෙස දීර්ඝ කර තිබුණා.

එමෙන්ම මැංගුස්ටින් හා වියළි මැංගුස්ටින් කිලෝග්‍රෑමයක් සඳහා පැවති රුපියල් 200 විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ද, කිවි ෆෘට් කිලෝග්‍රෑමක් සඳහා පැවති රුපියල් 175ක බද්ද ද මේ මස දෙසැම්බර් මස 31 දක්වා දීර්ඝ කෙරුණා.

අදාළ නිවේදනය පහතින්..

WhatsApp Image 2024 10 18 at 7.52.07 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
7
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47
Video thumbnail
චමල් සංජීවගෙන් මෝදිට විශේෂ සංදේශයක්
05:27
Video thumbnail
අතුරදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් මතුවෙයි
01:03
Video thumbnail
ලතා අම්මාට සමුදෙන්න ටීචර් අම්මත් එයි
01:49


?