නායකයා ඝාතනය වූ බව හමාස් සංවිධානය තහවුරු කරයි

ගාසා තීරයේ දී ඊශ්‍රායල හමුදා සමඟ ඇති වූ සටනක දී සිය නායක යාහ්යා සින්වාර් මිය ගිය බව හමාස් සංවිධානය තහවුරු කර තිබෙනවා.

ඔහු සිය ජීවිතයේ අවසාන මොහොත දක්වා පලස්තීනය ආරක්ෂා කරමින් මිය ගිය බවයි හමාස් සංවිධානය පවසන්නේ.

බ්‍රහස්පතින්දා රෆාහි හමාස් සාමාජිකයන් සෙවීමේ සෝදිසි කිරීමකදී ඊශ්‍රායල හමුදා විසින් මරා දැමූ නායක සින්වාර්ගේ සිරුර හමු වූ බවයි හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන ඛලීල් හයා පවසා ඇත්තේ.

මේ අතර ඛලීල් හයා පවසන්නේ සින්වාර්ගේ මරණය සිය කණ්ඩායම ශක්තිමත් කිරීමක් පමණක් බවයි.

එමෙන්ම ගාසා තීරයේ ආක්‍රමණ අවසන් වන තෙක් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ආපසු භාර නොදෙන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඒ, අනුව හමාස් සංවිධානය දැනුම් දී ඇත්තේ ඊශ්‍රායල හමුදා සම්පූර්ණයෙන්ම ගසා තීරයෙන් ඉවත් කර ගන්නා ලෙසයි.

ඛලීල් හයා යනු සින්වාර්ගෙන් පසු හමාස්හි ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා වනවා.

හමස් සංවිධානයේ නායකයා ලෙස සිටි 62 හැවිරිදි යාහ්යා සින්වාර්ව ඊශ්‍රායල හමුදා බ්‍රහස්පතින්දා ගාසා තීරයේ මෙහෙයුමකදී ඝාතනය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39