AFC Banner
AFC Banner
Empty Ad

නායකයා ඝාතනය වූ බව හමාස් සංවිධානය තහවුරු කරයි

ගාසා තීරයේ දී ඊශ්‍රායල හමුදා සමඟ ඇති වූ සටනක දී සිය නායක යාහ්යා සින්වාර් මිය ගිය බව හමාස් සංවිධානය තහවුරු කර තිබෙනවා.

ඔහු සිය ජීවිතයේ අවසාන මොහොත දක්වා පලස්තීනය ආරක්ෂා කරමින් මිය ගිය බවයි හමාස් සංවිධානය පවසන්නේ.

බ්‍රහස්පතින්දා රෆාහි හමාස් සාමාජිකයන් සෙවීමේ සෝදිසි කිරීමකදී ඊශ්‍රායල හමුදා විසින් මරා දැමූ නායක සින්වාර්ගේ සිරුර හමු වූ බවයි හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන ඛලීල් හයා පවසා ඇත්තේ.

මේ අතර ඛලීල් හයා පවසන්නේ සින්වාර්ගේ මරණය සිය කණ්ඩායම ශක්තිමත් කිරීමක් පමණක් බවයි.

එමෙන්ම ගාසා තීරයේ ආක්‍රමණ අවසන් වන තෙක් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ආපසු භාර නොදෙන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඒ, අනුව හමාස් සංවිධානය දැනුම් දී ඇත්තේ ඊශ්‍රායල හමුදා සම්පූර්ණයෙන්ම ගසා තීරයෙන් ඉවත් කර ගන්නා ලෙසයි.

ඛලීල් හයා යනු සින්වාර්ගෙන් පසු හමාස්හි ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා වනවා.

හමස් සංවිධානයේ නායකයා ලෙස සිටි 62 හැවිරිදි යාහ්යා සින්වාර්ව ඊශ්‍රායල හමුදා බ්‍රහස්පතින්දා ගාසා තීරයේ මෙහෙයුමකදී ඝාතනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?