සින්වාර් මරා දැමුවත් ගාසාවේ යුද්ධය අවසන් නැහැ – බෙන්ජමින් නෙතන්යාහු

ගාසා තීරයේදී හමාස් නායක යාහියා සින්වාර් මරා දැමුව ද, ගාසාවේ යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

නෙතන්යාහු අග්‍රාමාත්‍යවරයා ඊයේ (17) පටිගත කරන ලද දේශනයක දී මේ බව සඳහන් කළා.

මේ අතර සින්වාර්ගේ මරණයත් සමඟ ගාසා ගැටුම් අවසන් වනු ඇතැයි බටහිර නායකයින් අපේක්ෂාවන් සිටි නමුත් නෙතන්යාහුගේ මෙම ප්‍රකාශයත් සමඟ එම අපේක්ෂාවන් මේ වනවිටත් බිඳී ගොස් තිබෙනවා.

ඊශ්‍රායල හමුදා ප්‍රධානී හර්සි හලේවි පැවසුවේ ඔහුගේ හමුදා සින්වාර් සමඟ “ලකුණු” සමථයකට පත් කර ඇති බවත්, සිය හමුදාව ඔක්තෝබර් 7 සංහාරයට සම්බන්ධ සියලුම ත්‍රස්තවාදීන් අල්ලාගෙන මේ වනවිට ජීවත්ව සිටින සියලු ප්‍රාණ ඇපකරුවන් ගෙදර ගෙන එන තෙක් සටන අත්නොහරින බවයි.

දකුණු ගාසා තීරයේ රෆාහි පෙරේදා සිදු වූ දරුණු ගැටුම්වල දී ඔක්තෝබර් 7 ප්‍රහාරයේ මහ මොළකරු බවට ඊශ්‍රායල බලධාරීන් විසින් හඳුනාගෙන සිටි හමාස් නායයෙකු වූ යාහියා සින්වාර් මරා දැමූ බව ඊශ්‍රායල හමුදාව ඊයේ (17) ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16