AFC Banner
Empty Ad
Empty Ad

බොරළු කැපීමෙන් ඇති වූ ගල් වළක දියනාමින් සිටි පාසල් සිසුවෙකු මරුට

යහළුවන් සමග දිය නෑමට ගොස් සිටි 15 හැවිරිදි ශිෂ්‍යයෙකු දියේ ගිලී මියගොස් ඇති බව කොටදෙණියාව පොලිසිය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මියගොස් ඇත්තේ එරබද්ධ – කොටදෙණියාව පදිංචිව සිටි රත්නායක මුදියන්සේලාගේ දූෂාන් හේරත් නමැති පාසල් සිසුවෙකු බවයි.

සිසුන් හයදෙනෙකු කොටදෙණියාව හල්ඔලුව ප්‍රදේශයේ බොරළු කැපීමෙන් ඇති වූ ජලය පිරුණු වළක දිය නෑමට ගොස් තිබෙනවා.

දිය නාමින් සිටියදී මෙම සිසුවා එකවරම දියෙහි ගිලී නොපෙනී ගොස් ඇති බවයි පැවසෙන්නේ.

මේ බව දුටු සෙසු මිතුරන් කෑ ගසා ඇති අතර එම කෑගැසිල්ල ඇසී එම ස්ථානයට පැමිණි අසල්වැසි පුද්ගලයින් විසින් දියේ ගිලුණු සිසුවා ගොඩගෙන මීරිගම රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

කොටදෙණියාව පොලිසිය විසින් අදාළ සිසුවා ව සිය පොලිස් ජීප් රියෙන් ම රෝහල්ගත කිරීමට කඩිනමින් කටයුතු කළ ද රෝහල්ගත කරන විට ද එම දරුවා ජීවිතක්ෂයට පත්ව සිටි බවයි පැවසෙන්නේ.

මියගිය සිසුවාගේ මව විදෙස්ගතව ඇති අතර ඔහු සිය වැඩිමහල් සහෝදරියගේ නිවසේ ජීවත් ව සිට තිබෙනවා.

කොටදෙණියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෑ කියලා සංවිධායක ධූරය අතහැරපු කෙනාට වැඩ වැරදුණු හැටි
Video thumbnail
එළවළු මිළ පහලට - "ගොවියන්ටත් සල්ලි යනවා - අපිටත් සල්ල තියෙනවා"
01:01
Video thumbnail
දියවන්නාවට රිංගන්න තවමත් සිහින දකින සජබ හාම්පුත්තු #sjb #unp #sajithpremadasa #akd #npp
01:12
Video thumbnail
ජනාධිපති රනිල් - මහින්දානන්දට ජනාධිපති මාරු වෙයි
05:12
Video thumbnail
අනුර ජනාධිපති කියලා මට නම් තාම දැනෙන්නේ නෑ - තිස්ස අත්තනායක
13:32
Video thumbnail
ඡන්දෙ දුන්නු මිනිස්සුන්ට දෙලෝ පොල් පේන්නම අහස උසට යන පොල් මිල
01:54
Video thumbnail
පාර්ලිමේන්තුවට එන හේතුව වසන්ත කියයි
05:14
Video thumbnail
Breaking News 🛑හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය #breakingnews
07:13
Video thumbnail
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය
07:16
Video thumbnail
අන්තරේ සිසුන් හදිස්සියෙන්ම අගමැතිනි හමුවෙයි
02:56

?