බොරළු කැපීමෙන් ඇති වූ ගල් වළක දියනාමින් සිටි පාසල් සිසුවෙකු මරුට

යහළුවන් සමග දිය නෑමට ගොස් සිටි 15 හැවිරිදි ශිෂ්‍යයෙකු දියේ ගිලී මියගොස් ඇති බව කොටදෙණියාව පොලිසිය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මියගොස් ඇත්තේ එරබද්ධ – කොටදෙණියාව පදිංචිව සිටි රත්නායක මුදියන්සේලාගේ දූෂාන් හේරත් නමැති පාසල් සිසුවෙකු බවයි.

සිසුන් හයදෙනෙකු කොටදෙණියාව හල්ඔලුව ප්‍රදේශයේ බොරළු කැපීමෙන් ඇති වූ ජලය පිරුණු වළක දිය නෑමට ගොස් තිබෙනවා.

දිය නාමින් සිටියදී මෙම සිසුවා එකවරම දියෙහි ගිලී නොපෙනී ගොස් ඇති බවයි පැවසෙන්නේ.

මේ බව දුටු සෙසු මිතුරන් කෑ ගසා ඇති අතර එම කෑගැසිල්ල ඇසී එම ස්ථානයට පැමිණි අසල්වැසි පුද්ගලයින් විසින් දියේ ගිලුණු සිසුවා ගොඩගෙන මීරිගම රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

කොටදෙණියාව පොලිසිය විසින් අදාළ සිසුවා ව සිය පොලිස් ජීප් රියෙන් ම රෝහල්ගත කිරීමට කඩිනමින් කටයුතු කළ ද රෝහල්ගත කරන විට ද එම දරුවා ජීවිතක්ෂයට පත්ව සිටි බවයි පැවසෙන්නේ.

මියගිය සිසුවාගේ මව විදෙස්ගතව ඇති අතර ඔහු සිය වැඩිමහල් සහෝදරියගේ නිවසේ ජීවත් ව සිට තිබෙනවා.

කොටදෙණියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56