AFC Banner
Empty Ad
Empty Ad

හතුරුසිංහගේ සේවය අත්හිටුවීමට තීරණය කෙරේ

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහගේ සේවය වහාම අත්හිටුවීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වනවා.

විනය හේතුමත ඔහුගේ සේවය මෙලෙස අත්හිටුවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

හතුරුසිංහගේ සේවය පැය 48කට අත්හිටුවා ඇති අතර, වහාම ක්‍රියාත්මකවන පරිදි ඔහුගේ සේවය නිම කිරීමට ද කටයුතු කරන බවයි විදේස් වාර්තා සඳහන් කළේ.

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් පුහුණුකරුවෙක් වන ෆිල් සිමන්ස් 2025 චැම්පියන්ස් කුසලානය දක්වා බංග්ලාදේශ පිළේ අන්තර්කාලීනව ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ ගැනීමට නියමිත බවයි වාර්තා වුණේ.

පසුගිය පෙබරවාරි මාසයේ දී හතුරුසිංහ බංග්ලාදේශයේ ප්‍රධාන පුහුණුකරු ලෙස දෙවැනි වරටත් පත්කර ගත අතර, එම පත් කිරීම සම්බන්ධයෙන් වත්මන් බංග්ලාදේශ ක්‍රිකට් සභාපති ෆාරුක් අහමඩ් එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ.

හතුරුසිංහ යටතේ, පසුගිය වසරේ එක්දින ලෝක කුසලාන සහ විස්සයි විස්ස ලෝක කුසලානයට පැමිණි බංග්ලාදේශය එම තරඟාවලි දෙකේ දී එතරම් දක්ෂතා දැක්වීමට සමත් වූයේ නැහැ.

ඔහුගේ කාල සීමාව තුළ ඔහුගේ හොඳම ජයග්‍රහණය වූයේ මේ වසරේ පාකිස්තානයට එරෙහිව බංග්ලාදේශය ලැබූ ඉතිහාස ගත ටෙස්ට් තරඟාවලි ජයග්‍රහණය පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරාබදු නිළධාරීන් සහ නාවික හමුදාව එක්ව කළ සුපිරි වැටලීම - ලක්ෂ 80කට වැඩි බීඩි කොළ මාට්ටු
Video thumbnail
සමගිය ඇතුළෙ කැකෑරෙන අසමගිය - රන්ජිත් මද්දුම බන්ඩාර සියල්ල හෙළි කරයි
04:32
Video thumbnail
වගකීම තියන්නේ අනුර ලග
03:40
Video thumbnail
Breaking News 🛑බලශක්ති අමාත්‍යාංශයට හදීසියේ ගිය ජනාධිපති කළ විශේෂ ප්‍රකාශය#anurakumaradissanayake
05:51
Video thumbnail
නව පොලිස්පති විජිත හේරත් ඉදිරියේ කළ සුපිරි කතාව - පොලීසියට 'ඉස්සර දේශපාලන ඇඟිලි ගැසීම් තිබුණා'
07:33
Video thumbnail
බලය ලැබුනහම මිනිස්සු පිස්සු නටනවාමයි
04:09
Video thumbnail
පුපුරපු සජබයේ පැටිකිරිය එළියට - හිරුණිකා අයින්වුණ ඇත්තම පක්ෂ ප්‍රබලයෙක් කට අරී #sajithpremadasa
06:36
Video thumbnail
ඡන්දෙ දීපු අයම අනුර ගැන කනස්සල්ලෙන් - "ඡන්දෙ දුන්නු අයනම් දැන් හොයා ගන්නවත් නෑ"
03:02
Video thumbnail
ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම හමු වූ අගමැතිනිය
01:18
Video thumbnail
රන්ජන් එක්ක එකතු වුණු හේතුව මාධ්‍ය‍යට කියූ ඩිල්ෂාන්
02:52

?