AFC Banner
Empty Ad
Empty Ad

කිවි කතුන් කාසියේ වාසිය දිනා ගනියි

නවසීලන්ත කාන්තා කණ්ඩායම පාකිස්තානයට එරෙහිව කාසියේ වාසිය දිනා ගන්නට සමත් වුණා.

කාසියේ වාසිය දිනූ කිවි නායිකා සොෆී ඩිවයින් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ 19 වැනි තරගය ලෙසයි මෙම තරගය දෙරට අතර ඩුබායි හි දී අද (14) රාත්‍රී 7.30ට ආරම්භ වන්නේ.

‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදින නවසීලන්තය සහ පාකිස්තානය මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙළින් පසුවන්නේ තෙවැනි ස්ථානයේ සහ සිව්වැනි ස්ථානයේයි.

අවසන් පූර්ව වටයට පිවිසීමට නම් නවසීලන්ත කණ්ඩායම මෙම තරගය අනිවාර්‍යයෙන් ම ජයගැනීම වැදගත් වනවා.

පාකිස්තාන කණ්ඩායම මේ වනවිටත් අර්ධ වශයෙන් තරගාවලියෙන් ඉවතට විසිවී සිටින අතර; යම්තාක් දුරකට බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් අද තරගය ජය ගැනීම අනිවාර්‍යයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?