වනසතුන් දඩයමේ ගිය අයෙකුට වෙඩි වැදීමෙන් මරුට

වනසතුන් දඩයම් කිරීම සඳහා කැලෑවට ගිය පුද්ගලයෙක් ගිනි අවියකට බිලිවීමෙන්
මරුමුවට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලීසිය පවසනවා.

මෙම මරණය ඊයේ (13) රාත්‍රියේදීයි සිදු ව ඇත්තේ.

මරණයට පත්ව ඇත්තේ මහකුඹුක්කඩවල – කොරකහයාය පදිංචිව සිටි ආර්.ඩී.අශෝක නලීන් සෙනවිරත්න නම් 32 හැවිරිදි දෙදරු පියෙක්.

මියගොස් ඇති පුද්ගලයාගේ බිරිඳ රැකියාවක් සඳහා විදේශගත වී ඇති බව ද පොලීසිය පවසනවා.

ඔහු තම දරුවන් සහ මව්පියන් සමග ජීවත් වී ඇති බව ද අනාවරණය වී තිබෙනවා.

මියගිය අය තම මිතුරෙකු සමග වනසතුන් දඩයම් කිරීම සඳහා මහකුඹුක්කඩවල, වල්පාළුව රක්ෂිතයට ගොස් ඇති අතර එම අවස්ථාවේ දී කිසියම් අයෙකු විසින් වනසතුන්ට අටවා තිබූ ගිනි අවියකට ඔහු බිලි වී ඇති බවයි හෙළි ව ඇත්තේ.

අනතුරින් තුවාල ලබා සිටි අයව ඔහු සමග ගිය මිතුරා විසින් ආණමඩුව දිසා
රෝහලට ඇතුළත් කළ ද හෙතෙම ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

රෝහල් ආරංචි මාර්ග පැවසුවේ; රෝහලට රැගෙන එන විට ද මියගිය පුද්ගලයාගේ ශරීරයෙන් අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10