අයහපත් කාලගුණයෙන් ජීවිත 03ක් අහිමිවෙයි – 134,484ක් පීඩාවට

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 69ක පුද්ගලයින් 134,484 දෙනෙක් පීඩාවට පත් ව ඇති බවයි.

ඉන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 82,839ක්.

මේ අතර නිවාස 240කට අර්ධ හානි සිදුවී ඇති අතර, එක් නිවසක් සම්පූර්ණයෙන් ම විනාශ වී ඇති බව වාර්තා වන්නේ.

එමෙන්ම පවුල් 1,751 කට අයත් පුද්ගලයින් 6,954 දෙනෙකු මේ වන විට ආරක්ෂිත ස්ථාන 81ක රැදී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 08ක් සඳහා නායයෑම් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.

කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර එම දිස්ත්‍රික්කයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අස්වැසුම ගන්න ආ මිනිස්සු දැඩි අසීරුතාවක
01:11
Video thumbnail
ගී කෝකිලාවියට සමුදෙන්න දේශපාලන ප්‍රබලයෙකුත් එයි.."එතුමිය වෙනුවෙන් මම අවු :18ක් කැපවුණා සර්"
01:47
Video thumbnail
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව උණුසුම් වෙයි.."බොරු අයවැයට අපි විරුද්ධයි..විරුද්ධයි"
01:32
Video thumbnail
සජිත් එක්ක තිබුණු තරහට රනිල්, අනුරව ජනපති කළේ
04:53
Video thumbnail
ජොන්ස්ටන්ගේ පුතා ජොහාන් ප්‍රනාන්දු FCIDයට
00:50
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28


?