හිටපු මන්ත්‍රී අනූප පැස්කුවෙල්ගේ බැංකු ගිණුම් අත්හිටුවයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියුම් අනුජ පැස්කුවල් මහතා නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම් දෙකක් මාස තුනක කාලයකට අත්හිටුවන ලෙස කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කර තිබෙනවා.

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මගින් දූෂණ විරෝධී පනත යටතේ කරන ලද ඉල්ලීමක් සලකා බැලු කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා ලබන ජනවාරි 10 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි අද (10) එම නියෝග නිකුත් කළා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සැක සහිත ලෙස මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව තම කොමිෂන් සභාව විසින් දූෂණ විරෝධී පනත යටතේ විමර්ශන අරඹා දින හතක කාලයකට එම බැංකු ගිණුම් තහනම් කළ අතර වැඩිදුරටත් විමර්ශනය කර එම වාර්තා අතිකරණයට ඉදිරිපත් කරන තෙක් මාස තුනක කාලයකට එම බැංකු ගිණුම් අත්හිටුවන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ මාස තුනක කාලයකට එම බැංකු ගිණුම් අත්හිටුවන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20