AFC Banner
Empty Ad
Empty Ad

වායුගෝලයේ කැලඹිලිකාරී තත්ත්වයෙන් නිරිතදිගට තද වැසි

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැලඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසෙහි වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දිනයේ සිට ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ; ඒ හේතුවෙන් ඉදිරි දින කිහිපයේ දී තරමක වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවයි.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි වහෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ද එම නිවේදනයේ සඳහන්.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එය මිලිමීටර් 75ට වඩා වැඩි අගයක් ගත හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍ය මග හැර කනස්සල්ලෙන් ගිය කාංචන #shorts #viralnews
00:06
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සාදාරනය ඉෂ්ඨ කරන්න #pasku #shorts #viralvideo #1milionviwes
00:36
Video thumbnail
මහනුවරින් පොහොට්ටුවට ඉදිරිපත් - වෙන උගත්තු 15 දෙනා මෙන්න
01:10
Video thumbnail
මාලිමාවට අභියෝගයක් දෙන්න එන පොහොට්ටුවේ අලුත් කාන්තා හඬ
05:26
Video thumbnail
උගත් බුද්ධිමත් සෙට් එකක් මෙවර පොහොට්ටුවෙන් - පවුල් වාදයට තිත - මෙන්න අලුත් වෙනස
02:40
Video thumbnail
"මම ලස්සන බණ්ඩාර" - පොහොට්ටුව යළි පුප්පන්න එන අලුත් මුහුණු #namalrajapaksha
02:40
Video thumbnail
ගෙදර ගිය අය නැවත පාර්ලිමේන්තුට ගේන්න එපා
02:30
Video thumbnail
අලුත් දෙයක් කරන්න එන පොහොට්ටුවේ හරිනි #namalrajapaksha
04:53
Video thumbnail
ගමපහෙන් එන වසන්ත - රටට ආදරේ මිනිස්සු ගොඩයි දැන්නම්
02:18
Video thumbnail
මව්බිම ජනතා පක්ෂයට එළිවෙන ජාමෙට දවසින් දවස එකතුවෙන්නේ සුපිරිම බඩු #dilithjayaweera
01:18

?