බුදීමට තණ නොමැති වීමෙන් ගවයින් දහස් ගණනක් මරුට – ජනපති වෙත ඉල්ලීමක්

මඩකලපුව – මයිලතමඩු ප්‍රදේශයේ ගවයින් ලක්ෂ 02ක් ආහාරයට තණකොළ නොමැතිව කුසගින්නේ මියයන බව මයිලතමඩු මාධවනයි ගව අභිජනනය කරන්නන්ගේ සංගමයේ සභාපති සිනිතම්බි නිමලන් මහතා පවසනවා.

දසත වාර්තාකරු පැවසුවේ; 2011 වර්ෂයේ හෙක්ටයාර 11,000ක් ගවයින්ගේ තණ භුමි ලෙස ගැසට් පත්‍රයක් මගින් මඩකලපුව කිරි ගොවි ගවයින්ගේ ආහාර ලෙස වෙන් කර දුන්න ද මේ වන විට අනවසර පදිංචිකරුවන් එම භුමිවල පදිංචි වී වෙනත් බෝග වගාවන් කරන බැවින් එසේ තණ භුමි අහිමි ව ඇති බවයි.

එම ප්‍රදේශවලට තණ කෑම සඳහා යන ගවයින් මරා දැමීමට එම අනවසර පදිංචිකරුවන් කටයුතු කරන අතර මේ වන විට එසේ ගවයින් 1700ක් පමණ මරා දමා ඇති බව ද සභාපතිවරයා පැවසුවා.

මේ සම්බන්ධයෙන් වසර පමණ කාලයක් මුළුල්ලේ කිරි ගොවීන් පීඬා විඳින අතර දින 385ක අඛණ්ඩව විරෝධතාවයක් ද මඩකලපුව මිල්කෝ ආයතනය ඉදිරිපිට පවත්වන බව ද ඔහු කියා තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ලංකාවේ කිරි නිෂ්පාදනයෙන් 1/3ක් ජාතික නිෂ්පාදනයට එකතු කරන්නේ මඩකලපුව ප්‍රදේශයෙන් වුව ද මේ වන විට ගවයින් සඳහා ආහාර නොමැති වීමෙන් කිරි නිෂ්පාදනය ද බරපතළ ලෙස පහත වැටී ඇති බව ද එම සංගමය චෝදනා කළා.

පවුල් 982ක පමණ පුද්ගලයින් 4000කට අධික පිරිසක් යැපෙන්නේ මෙම කිරි නිෂ්පාදන කටයුතුවලින් වන අතර මේ වන විට ගවයින් නඩත්තුව අපහසු බැවින් බොහෝ පිරිස් කුලි වැඩ සඳහා වෙනත් ප්‍රදේශවලට ගොස් ඇති බවයි අනාවරණය වූයේ.

මේ සම්බන්ධයෙන් මේ වන තෙක් වගකිවයුතු කිසිදු පාර්ශ්වයක් විසඳුමක් දීමට ඉදිරිපත් නොවු බව ද මඩකලපුව, එරාවුර් අධිකරණවල නඩු පැවරීමෙන් අනතුරුව එම අනවසර පදිංචිකරුවන්ට ඉවත් වීමට අධිකරණය නියෝග කර තිබුණ ද එම නියෝග පවා නොසලකා හරිමින් ඔවුන් එම තෘණ භූමි අත්පත් කරගෙන ඇති බව ද සභාපතිවරයා කියා සිටියා.

මේ ගැටළුව ඇති වීමට පෙර දිනකට කිරි ලීටර් 6000ක් පමණ කිරි මණ්ඩලය වෙත ලබා දුන්න ද මේ වනවිට ලබාදීමට හැකියාවක් ඇත්තේ කිරි ලීටර් 1000ක් පමණ බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ හෝ වගකිවයුතු පාර්ශ්ව අවධානය යොමු කර විසඳුමක් ලබාදෙන ලෙසයි එම සංගමය පෙන්වාදෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?