බුදීමට තණ නොමැති වීමෙන් ගවයින් දහස් ගණනක් මරුට – ජනපති වෙත ඉල්ලීමක්

මඩකලපුව – මයිලතමඩු ප්‍රදේශයේ ගවයින් ලක්ෂ 02ක් ආහාරයට තණකොළ නොමැතිව කුසගින්නේ මියයන බව මයිලතමඩු මාධවනයි ගව අභිජනනය කරන්නන්ගේ සංගමයේ සභාපති සිනිතම්බි නිමලන් මහතා පවසනවා.

දසත වාර්තාකරු පැවසුවේ; 2011 වර්ෂයේ හෙක්ටයාර 11,000ක් ගවයින්ගේ තණ භුමි ලෙස ගැසට් පත්‍රයක් මගින් මඩකලපුව කිරි ගොවි ගවයින්ගේ ආහාර ලෙස වෙන් කර දුන්න ද මේ වන විට අනවසර පදිංචිකරුවන් එම භුමිවල පදිංචි වී වෙනත් බෝග වගාවන් කරන බැවින් එසේ තණ භුමි අහිමි ව ඇති බවයි.

එම ප්‍රදේශවලට තණ කෑම සඳහා යන ගවයින් මරා දැමීමට එම අනවසර පදිංචිකරුවන් කටයුතු කරන අතර මේ වන විට එසේ ගවයින් 1700ක් පමණ මරා දමා ඇති බව ද සභාපතිවරයා පැවසුවා.

මේ සම්බන්ධයෙන් වසර පමණ කාලයක් මුළුල්ලේ කිරි ගොවීන් පීඬා විඳින අතර දින 385ක අඛණ්ඩව විරෝධතාවයක් ද මඩකලපුව මිල්කෝ ආයතනය ඉදිරිපිට පවත්වන බව ද ඔහු කියා තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ලංකාවේ කිරි නිෂ්පාදනයෙන් 1/3ක් ජාතික නිෂ්පාදනයට එකතු කරන්නේ මඩකලපුව ප්‍රදේශයෙන් වුව ද මේ වන විට ගවයින් සඳහා ආහාර නොමැති වීමෙන් කිරි නිෂ්පාදනය ද බරපතළ ලෙස පහත වැටී ඇති බව ද එම සංගමය චෝදනා කළා.

පවුල් 982ක පමණ පුද්ගලයින් 4000කට අධික පිරිසක් යැපෙන්නේ මෙම කිරි නිෂ්පාදන කටයුතුවලින් වන අතර මේ වන විට ගවයින් නඩත්තුව අපහසු බැවින් බොහෝ පිරිස් කුලි වැඩ සඳහා වෙනත් ප්‍රදේශවලට ගොස් ඇති බවයි අනාවරණය වූයේ.

මේ සම්බන්ධයෙන් මේ වන තෙක් වගකිවයුතු කිසිදු පාර්ශ්වයක් විසඳුමක් දීමට ඉදිරිපත් නොවු බව ද මඩකලපුව, එරාවුර් අධිකරණවල නඩු පැවරීමෙන් අනතුරුව එම අනවසර පදිංචිකරුවන්ට ඉවත් වීමට අධිකරණය නියෝග කර තිබුණ ද එම නියෝග පවා නොසලකා හරිමින් ඔවුන් එම තෘණ භූමි අත්පත් කරගෙන ඇති බව ද සභාපතිවරයා කියා සිටියා.

මේ ගැටළුව ඇති වීමට පෙර දිනකට කිරි ලීටර් 6000ක් පමණ කිරි මණ්ඩලය වෙත ලබා දුන්න ද මේ වනවිට ලබාදීමට හැකියාවක් ඇත්තේ කිරි ලීටර් 1000ක් පමණ බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ හෝ වගකිවයුතු පාර්ශ්ව අවධානය යොමු කර විසඳුමක් ලබාදෙන ලෙසයි එම සංගමය පෙන්වාදෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15