සිනමා පටයකින් සීමා වුණු උඩරට දුම්රිය ධාවනය (නිවේදනය)

ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් හෙට (09) දින සිට එළඹෙන 15 වැනි දින දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබෙනවා.

ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඇල්ල සහ දෙමෝදර අතර පිහිටි ආරුක්කු 09 පාලම මත ඉන්දු – ශ්‍රී ලංකා මෙම ඒකාබද්ධ සිනමා පටයක් රූගත කිරීම හේතුවෙන් අදාළ තීරණය ගෙන ඇති බවයි.

එබැවින් ඉහත දිනයන්හිදී උඩරට දුම් රිය මාර්ගයේ දුම්රිය ධාවනය පෙරවරු 7.30 සිට පස්වරු 5.30 දක්වා කාලසීමාව තුළ කොළබ කොටුව සහ ඇල්ල දුම්රිය ස්ථාන දක්වා පමණක් සිදු කරනු ලබන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා දුම්රිය සේවය නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින්.

  1. 9 Arch හරහා දුම්රිය දෙකක්, දින 6ක් සීමා කොට ( 2024 ඔක්තෝබර් 09 සිට 15 දක්වා), සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් සිනමා පටයක්…
    බස්රථ මඟින් අතරමැදි දුම්රිය ස්ථානයන් හරහා ගමන් පහසුකම් සැපයීමට කටයුතු කරන බවත් සඳහන්..