AFC Banner
Empty Ad
Empty Ad

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා ඉල්ලා අස්වෙයි ?

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායකත්වයෙන් මාවෙයි සේනාධිරාජා මහතා ඉවත්ව ඇති බවට දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

දසත අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; එම පක්ෂයේ පක්ෂ සාමාජිකයින් පිරිසක් මේ බව සඳහන් කර ඇති බවයි.

අදාළ තීරණය සම්බන්ධයෙන් මාවෙයි සේනාධිරාජා මහතාගේ පුත්‍රයාගෙන් ද අප ප්‍රාදේශීය වාර්තාකරු විමසා තිබෙනවා.

එහිදී සේනාධිරාජා මහතාගේ පුත්‍රයා පවසා ඇත්තේ; තම පියා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායකත්වයෙන් ඉවත්වන බවට පක්ෂ ලේකම්වරයා වෙත දැනුවත්කොට ඇති බවයි.

පියා විසින් අදාළ තීරණය ගැනීමට හේතුව සම්බන්ධයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාව
වෙත ඉදිරියේ දී දැනුවත් කිරීමට නියමිත බව ද සේනාධිරාජා මහතාගේ පුත්‍රයා සඳහන්
කර තිබෙනවා.

සේනාධිරාජා මහතා විසින් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බවට ලිපියක් යොමුකොට
ඇත්තේ ද යන්න සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ ලේකම් වෛද්‍ය
පි.සත්‍යලිංගම් මහතාගෙන් විමසීමේ දී හෙතෙම පැවසුවේ; සේනාධිරාජා මහතා විසින්
එවැනි ලිඛිත දැනුවත් කිරීමක් මේ දක්වා තමන් වෙත යොමුකොට නොමැති බවයි.

කෙසේවෙතත් එවැනි තීරණයක් සම්බන්ධයෙන් තමා වෙත නිල වශයෙන් ලිඛිත දැනුවත් කිරීමක් මේ දක්වා සිදුකොට නොමැති බව ද පක්ෂ ලේකම්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකයා වු මාවේයි සේනාධිරාජා මහතා මෙවර
පාර්ලිමේන්තු මැතිවරණයට යාපනය දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් නොවන බව මීට පෙර
පක්ෂයේ නාමයෝජනා මණ්ඩල රැස්වීමේ දී ප්‍රකාශ කළා.

හිටපු නායක අභාවප්‍රාප්ත ආර්.සම්බන්ධන් මහතාගෙන් අනතුරුව සේනාධිරාජා මහතා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකත්වය ගෙන කටයුතු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?