ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා ඉල්ලා අස්වෙයි ?

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායකත්වයෙන් මාවෙයි සේනාධිරාජා මහතා ඉවත්ව ඇති බවට දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

දසත අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; එම පක්ෂයේ පක්ෂ සාමාජිකයින් පිරිසක් මේ බව සඳහන් කර ඇති බවයි.

අදාළ තීරණය සම්බන්ධයෙන් මාවෙයි සේනාධිරාජා මහතාගේ පුත්‍රයාගෙන් ද අප ප්‍රාදේශීය වාර්තාකරු විමසා තිබෙනවා.

එහිදී සේනාධිරාජා මහතාගේ පුත්‍රයා පවසා ඇත්තේ; තම පියා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායකත්වයෙන් ඉවත්වන බවට පක්ෂ ලේකම්වරයා වෙත දැනුවත්කොට ඇති බවයි.

පියා විසින් අදාළ තීරණය ගැනීමට හේතුව සම්බන්ධයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාව
වෙත ඉදිරියේ දී දැනුවත් කිරීමට නියමිත බව ද සේනාධිරාජා මහතාගේ පුත්‍රයා සඳහන්
කර තිබෙනවා.

සේනාධිරාජා මහතා විසින් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බවට ලිපියක් යොමුකොට
ඇත්තේ ද යන්න සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ ලේකම් වෛද්‍ය
පි.සත්‍යලිංගම් මහතාගෙන් විමසීමේ දී හෙතෙම පැවසුවේ; සේනාධිරාජා මහතා විසින්
එවැනි ලිඛිත දැනුවත් කිරීමක් මේ දක්වා තමන් වෙත යොමුකොට නොමැති බවයි.

කෙසේවෙතත් එවැනි තීරණයක් සම්බන්ධයෙන් තමා වෙත නිල වශයෙන් ලිඛිත දැනුවත් කිරීමක් මේ දක්වා සිදුකොට නොමැති බව ද පක්ෂ ලේකම්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකයා වු මාවේයි සේනාධිරාජා මහතා මෙවර
පාර්ලිමේන්තු මැතිවරණයට යාපනය දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් නොවන බව මීට පෙර
පක්ෂයේ නාමයෝජනා මණ්ඩල රැස්වීමේ දී ප්‍රකාශ කළා.

හිටපු නායක අභාවප්‍රාප්ත ආර්.සම්බන්ධන් මහතාගෙන් අනතුරුව සේනාධිරාජා මහතා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකත්වය ගෙන කටයුතු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39