විමල්ගේ බිරිඳ ‘සෂී වීරවංශ’ ගේ පාස්පෝට් නඩුවේ සාක්ෂි කැඳවීමට දින දෙයි

නීතිමය බලයක් හෝ අවසරයකින් තොරව රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීමේ චෝදනාවට ලක් ව සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන සශී වීරවංශට
එරෙහිව නීතිපතිවරයා විසින් පවරනු ලැබූ නඩුව ඉදිරියට පවත්වාගෙන යාමටත්; එහි සාක්ෂි කැඳවීමටත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළා.

චූදිත පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් මෙම නඩුව ඉදිරියට පවත්වා ගෙන යාමට හෝ විභාග කිරීමට අධිකරණයට නෛතික බලයක් නොමැති බවට ගොනු කරන ලද විරෝධතාව අද (08) දිනයේ දී විනිසුරු කැකුණවෙල මහතා ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව අදාළ නියෝගය නිකුත් කෙරුණා.

දසත අධිකරණ වාර්තාකරු සඳහන් කළේ; අධිකරණ විනිසුරුවරයා විසින් මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අවසර ලබා දුන් බවත්; ඒ සඳහා පළමු සාක්ෂි කැඳවීම සඳහා ජනවාරි මස 28 වැනි දින නියම කළ බවයි.

පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් සාක්ෂි දීමට සාක්ෂි අංක 02 සහ 10 වැනියාට ජනවාරි 28 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද දැනුම්දී සිතාසි යොමු කරන ලෙසට ද අධිකරණය අද දැනුම්දුන්නා.

සැකකාරියට එරෙහිව මෙම නඩුවට පාදක වූ චෝදනාවලට සමාන වූ නඩුවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කර; ඊට සිරදඬුවම් නියම කොට ඇති බැවින් මෙම නඩුව ඉදිරියට ගෙන යාමේ නෛතික බලයක් නොමැති බවටයි චූදිත පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

නමුත් එය සලකා බලා ප්‍රතිකේෂේප කිරීමෙන් පසුව අදාළ නියෝගය නිකුත් කෙරුණු අතර නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18