විමල්ගේ බිරිඳ ‘සෂී වීරවංශ’ ගේ පාස්පෝට් නඩුවේ සාක්ෂි කැඳවීමට දින දෙයි

නීතිමය බලයක් හෝ අවසරයකින් තොරව රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීමේ චෝදනාවට ලක් ව සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන සශී වීරවංශට
එරෙහිව නීතිපතිවරයා විසින් පවරනු ලැබූ නඩුව ඉදිරියට පවත්වාගෙන යාමටත්; එහි සාක්ෂි කැඳවීමටත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළා.

චූදිත පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් මෙම නඩුව ඉදිරියට පවත්වා ගෙන යාමට හෝ විභාග කිරීමට අධිකරණයට නෛතික බලයක් නොමැති බවට ගොනු කරන ලද විරෝධතාව අද (08) දිනයේ දී විනිසුරු කැකුණවෙල මහතා ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව අදාළ නියෝගය නිකුත් කෙරුණා.

දසත අධිකරණ වාර්තාකරු සඳහන් කළේ; අධිකරණ විනිසුරුවරයා විසින් මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අවසර ලබා දුන් බවත්; ඒ සඳහා පළමු සාක්ෂි කැඳවීම සඳහා ජනවාරි මස 28 වැනි දින නියම කළ බවයි.

පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් සාක්ෂි දීමට සාක්ෂි අංක 02 සහ 10 වැනියාට ජනවාරි 28 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද දැනුම්දී සිතාසි යොමු කරන ලෙසට ද අධිකරණය අද දැනුම්දුන්නා.

සැකකාරියට එරෙහිව මෙම නඩුවට පාදක වූ චෝදනාවලට සමාන වූ නඩුවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කර; ඊට සිරදඬුවම් නියම කොට ඇති බැවින් මෙම නඩුව ඉදිරියට ගෙන යාමේ නෛතික බලයක් නොමැති බවටයි චූදිත පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

නමුත් එය සලකා බලා ප්‍රතිකේෂේප කිරීමෙන් පසුව අදාළ නියෝගය නිකුත් කෙරුණු අතර නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?