AFC Banner
Empty Ad
Empty Ad

හිස්බුල්ලා නව නායකයා අතුරුදන්

හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ලෙස සැලකෙන ජ්‍යෙෂ්ඨ නායක හෂේම් සෆීඩින් සම්බන්ධකර ගැනීමට එම සංවිධානයට හැකියාවක් ලැබී නොමැති බව අල්ජසීරා පුවත් සේවය සඳහන් කර සිටිනවා.

එම පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර සිටින්නේ; හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නස්රල්ලා ජීවිතක්ෂයට පත්වීමෙන් පසු ජ්‍යෙෂ්ඨ නායක හෂේම් සෆීඩින් නව නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතව තිබූ බවයි.

ඔහු භූගත බංකරයක් තුළ රැඳී සිටි බවට තොරතුරු අනාවරණය වුවද පසුගිය සිකුරාදායින් (04) පසු ඔහු සම්බන්ධකර ගැනීමට මෙතෙක් හැකියාව ලැබී නොමැති බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?