ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර වැඩි කරයි – අනුප්‍රාප්තික හිස්බුල්ලා නායකයා ගැනත් තොරතුරක් නැහැ

ඊශ්‍රායලය විසින් ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් බෝම්බ හෙලීම පුළුල් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, අනුව බේරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශයට ඊයේ (05) දිනයේ දී ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර විශාල වශයෙන් සිදුකර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත එල්ල කළ ප්‍රහාර වලින් හිස්බුල්ලා සටන්කාමීන් 400 කට වැඩි පිරිසක් මේ වනවිටත් මියගොස් ඇති බවයි.

ඊශ්‍රායල හමුදාව විසින් ත්‍රස්තවාදීන් 440ක් පමණ ගොඩබිම් මෙහෙයුම් වලින් සහ ගුවන් මෙහෙයුම් වලින් ඝාතනය කර ඇති බවයි ඊශ්‍රායල හමුදා ප්‍රකාශක රියර් අද්මිරාල් ඩැනියෙල් හගාරි පැවසුවේ.

ඒ, අතර හිස්බුල්ලා සංවිධානයේ විවිධ තරාතිරම්වල අණදෙන නිලධාරීන් 30ක් පමණ සිටින බව ඔහු පැවසුවා.

මේ අතර ඝාතනයට ලක් වූ හිස්බුල්ලා නායක සයීඩ් හසන් නස්රල්ලාගේ අනුප්‍රාප්තිකයා වන හෂෙම් සෆිදීන් සමඟ ද පසුගිය සිකුරාදා දිනයේ සිට සබඳතා බිඳ වැටී ඇති බවයි ලෙබනනයේ නිලධාරීන් සඳහන් කළේ.

ඉරානයේ පිටුබලය ලබන ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන් රැඳී සිටින බව කියන බේරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශවලට බ්‍රහස්පතින්දා රාත්‍රියේ එල්ල කළ ප්‍රහාර හෂෙම් සෆිදීන් ඉල්ලක කර ගනිමින් එල්ල කර ඇති බවයි වාර්තා වුණේ.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේ සෙනසුරාදා වන විට දකුණු ලෙබනනයේ ත්‍රස්තවාදී උමං මාර්ගයක මීටර් 250ක් කඩා ඉවත් කළ බවයි.

හිස්බුල්ලාගේ රඩ්වාන් හමුදාව විසින් ඊශ්‍රායලය ආක්‍රමණය කිරීම සඳහා උමං මාර්ග භාවිත කිරීමට සූදානමින් සිට ඇති බවයි ඊශ්‍රායල හමුදාවට පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34