AFC Banner
Empty Ad
Empty Ad

බයිට් ගේන්න ගිය පුද්ගලයා කිඹුල් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

කිඹුලෙකුගේ ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වූ පුවතක් ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 60ක පදවිය, ශ්‍රී පුර, ගැමුණුපුර ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා ඊයේ (05) පස්වරුවේ තවත් දෙදෙනෙකු සමඟ මොර ඔයෙන් එගොඩ වී රංජිත් මංකඩ ප්‍රදේශයේ දී මත්පැන් පානය කර තිබෙනවා.

එහිදී අදාළ පුද්ගලයා කඩගැස්ම සඳහා නිවසේ තිබූ මස් වර්ගයක් රැගෙන ඒමට නවතා ඔයෙන් එගොඩවීමට උත්සාහ කළ අවස්ථාවේ දී කිඹුලෙකු විසින් ඔහුව ඩැහැගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව එම පුද්ගලයාගේ සිරුර සොයා ගැනීමට හැකිව ඇති අතර, ඒ වනවිටත් සිරුරෙන් කොටසක් කිඹුලා විසින් කා දමා තිබෙනවා.

මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සිදුකිරීමේ පසු අනුරාධපුර රෝහල වෙත යොමු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?