ලක්ෂ හැත්තෑවකට වැඩි රට සිගරට් සමඟ කතක් අල්ලයි

රුපියල් හැත්තෑ ලක්ෂ පනස්දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආකාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අද (05) අලුයම අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඩුබායි හි සේවය කළ ගෘහ සේවිකාවක් වන මෙම කාන්තාව වරකපොළ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 42ක තැනැත්තියක්.

මෙම කාන්තාව විසින් රැගෙන ආ ගමන් මලු 04ක් තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 47,000ක් අඩංගු කාටූන් 235ක් සඟවා ගෙන සිටිය දී සොයාගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු කාන්තාව පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගය සහ සැකකාරිය ලබන 09 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.