ෆෙඩරල් අගනුවර නළ ළිං 127න් 22 ක් මිනිස් පරිභෝජනයට නුසුදුසු බව සොයා ගත් හෙයින්, ඉස්ලාමාබාද්හි නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල පානීය ජලය දූෂිත බව පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ අනාවරණ වී තිබෙනවා.
ජල සම්පත් පිළිබඳ සෙනෙට් ස්ථාවර කමිටුවේ ඉල්ලීමක් මත ඉස්ලාමාබාද්හි ජල තත්ත්ව ගැටලු සම්බන්ධයෙන් පාකිස්තාන ජල සම්පත් පර්යේෂණ කවුන්සිලය (PCRWR) විසින් සමීක්ෂණයක් සිදු කරනු ලැබුවා.
නළ ළිං 22ක් සහ ජල පෙරීමේ යන්ත්‍ර 108කින් 39ක් අනාරක්ෂිත බව සොයා ගැනුණේ අදාළ සමීක්ෂණයෙන්.
ග්‍රාමීය ප්‍රදේශවල, තත්ත්වය ඉතා බරපතළ වන අතර ජල සැපයුම් ප්‍රභවයන් 41 න් 33 ක් අනාරක්ෂිත බව අදාළ සෙනෙට් ස්ථාවර කමිටුව හමුවේ අනාවරණ වී තිබෙනවා.













